gossiplanka alexa මැතිවරණ නිලධාරීන් රූපවාහිනී සංස්ථාවට කඩා පනී, මැතිවරණ නිලධාරීන් සංස්ථා භූමිය තුළ සිර කරගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණ නිලධාරීන් රූපවාහිනී සංස්ථාවට කඩා පනී, මැතිවරණ නිලධාරීන් සංස්ථා භූමිය තුළ සිර කරගනී

මැතිවරණ නිලධාරීහු පිරිසක්  ඊයේ සවස සවස  රූපවාහිනි සංස්ථාව වෙත විමර්ශන කටයුත්තක් සඳහා ගොස් තිබෙනවා. ඒ යහජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට.  මෙම විමර්ශනයට සහභාගී වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී කේ.සී නිරෝෂන් මහතා ප්‍රමුඛ දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. ඊට අමතරව කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ප්‍රධාන පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද මීට අයත් වී තිබෙනවා.

ප්‍රධාන පාලක මැදිරිය වෙත පැමිණි මැතිවරණ නිලධාරී කණ්ඩායම එහි සිටි සංස්ථා නිලධාරීන්ගේ අවසරය මත සිදුවෙමින් පැවති සංස්කරණ කටයුතු විමර්ශනය කිරීමේ දී සංස්කරණය වෙමින් පැවති සැකකටයුතු වැඩසටහනක් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට කේසි නිරෝෂන් මහතා ක්‍රියා කළා. එම අවස්ථාවේ එහි පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන් මහත්මිය මැතිවරණ නිලධාරීන් ගේ අනන්‍යතාව පරික්ෂා කිරීම අවශ්‍ය බව පැවසූ විට මැතිවරණ නිලධාරිහු තම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් තම අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඉන්පසු කාර්ය භාර නිලධාරී විජේකෝන් මහත්මිය දිස්ත්‍රික් සහකාර තේරීම් භාර වරයාගෙන් ඉල්ලා සිටියේ තමන් පැමිණියේ කුමන රාජකාරියට ද යන්න ලිඛිතව ලබාදෙන ලෙසයි. ඊට පුර්ණ එකඟතා පළ කළ කේ.සි නිරෝෂන් මහතා තම අත්අකුරින් පැමිණි කාරණය සටහන් කර අදාළ ලියවිල්ල එරින් විජේකෝන් මහත්මිය වෙත ලබා දී තිබෙනවා.

අනතුරුව විමර්ශනය සඳහා සැක සහිත වැඩසටහනනේ සංස්කරණය වෙමින් පැවති කොටස ජංගම දුරකථනයෙන් පටිගත කළ ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු කණ්ඩායම පැමිණි රාජකාරිය අවසන් කරමින් සංස්ථා භුමියෙන් නික්ම යාමට තම මෝටර් රථය අසලට පැමිණියා. ඒ සමඟම එම ස්ථානයට පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන් , වැඩ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිලාර් කාසිම් , දමිළ ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂ එම් යකූබ් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන්ට විරෝධය පළ කරමින් තම අඩස්සියේ රඳවා ගැනීමට ක්‍රියා කළහ. මැතිවරණ නිලධාරීන් සංස්ථා භූමියෙන් පිටවීම වළක්වන ලෙස කාර්ය භාර නිලධාරිනිය රූපවාහිනි සංස්ථා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ සමඟ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කිරීමට සහකාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ක්‍රියා කළේය. පැය භාගයකට ආසන්න කාලයක දී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිලධාරීන් අඩස්සිය් රඳවා ගැනීම පිළිබඳව දැඩි විරෝධය පළ කළේය. සිය රාජකාරි ජීවිතය තුළ ඍජු තීරණ ගත් තමාට මෙවන් අවස්ථාඅභියෝගයක් නොවන බව කියා තිබෙනවා. දර්ශන රූපගත කරමින් සිටි රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පීන් ඇමතු දේශප්‍රිය මහතා ලබාගත් දර්ශන තමා ඉදිරියේ ම මකා දමන ලෙස නියෝග කළේය. සංස්ථා පාලන අධිකාරියේ නියෝග මත එය රූපගත කල කැමරා ශිල්පීන්ට අදාළ දර්ශන තම කැමරා තුළම මකා දැමුවා. 

මැතිවරණ නිලධාරීන් අඩස්සියේ තබා ගැනීමට කාර්යභාරය නිලධාරීනිය හා කීපදෙනෙකු ගත් උත්සාහයට සංස්ථා සේවකයන්ගේ සහයෝගය හිමි නොවූ අතර ඔවුන් මෙම සිදුවීමෙි ප්‍රේක්ෂකයන් බවට පමණක් පත් විය . සිද්ධිය පිළිබඳව ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී නිරෝෂන් මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

රූපවාහිනී වාර්තා ඇසුරින් 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu