Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label fertilizer. Show all posts

චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්‍රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා. 

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට අමාත්‍ය චමල් රාජපක්ෂ,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න  යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සහභාගී වී සිටියා. 

හවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවකට අනුව ඉදිරි මාර්තු මාසයේදී ආරම්භ වන යල කන්නයේ සිට වී වගාව වෙනුවෙන් අවශ්‍ය වන පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම පොහොර ලබා දෙන්නේ කුඹුරු හෙක්ටයාර් දෙකක උපරිමය සඳහා අවශ්‍ය වන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණය බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page