gossiplanka alexa චීනයේ අහිතකර බැක්ටීරියා සහිත පොහොර ගෙන්වීම අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ අහිතකර බැක්ටීරියා සහිත පොහොර ගෙන්වීම අත් හි‍ටුවයි

චීනයෙන් ගෙන්වූ පොහොර සාම්පල් පරීක්ෂා කිරීමේ දී එම පොහොරවල පසට අහිතකර බැක්ටීරියා තිබෙන බව හෙළිවී ඇති නිසා මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්‍රජන් කාබනික පොහොර ගෙන්වීම නවතා තිබෙනවා. 

කෙසේ වෙතත් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 

ශ්‍රී ලංකා භූමියට, ශාකවලට හා සත්ත්වයන්ට කිසිදු අහිතකර වන කිසිදු පොහොර වර්ගයක් ආනයනය නොකරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ. 

මේ අතර චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් අත් හි‍ටුවා නැති බවත් අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම පමණක් අත් හි‍ටුවා ඇති බවත් කෘෂි කර්ම අමාත්‍යවරයා පවසනවා. 

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

උපුටා ගැනීම

"හදිසි නිවැරදි කීරිමයි

චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ ච්නයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල  අහිතකර  බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහාර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අප ගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර

ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්"

උපුටා ගැනීම අවසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu