gossiplanka alexa චීන පොහොර නැව අයත් සමාගමට මුදල් ගෙවීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීන පොහොර නැව අයත් සමාගමට මුදල් ගෙවීමට තීරණය කරයි

කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගයකට අනුව මෙරටට පැමිණ තිබූ පොහොර නෞකාවට අදාළ ගෙවීම් සිදු කිරීම නවතා දමා තිබූ අතර එම වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අද (07) එම පොහොර නෞකාව අයත් සමාගමට අදාළ මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබෙනවා. 

ප්‍රමිතියෙන් තොර පොහොර ඇති බවට අනාවරණය වීමත් සමඟම අදාළ චීන පොහොර නෞකාවට ගෙවීම් සිදු කිරීම නවතා දමමින් අධිකරණය විසින් මහජන බැංකුවට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා. එම පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබා දෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වාරණ නියෝගය ඉවත් කරගනු ලැබුවා.

ඒ අනුව අදාළ චීන පොහොර නෞකාවට අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu