gossiplanka alexa 'රජයේ ප්‍රතිපත්තිවල වෙනසක් නෑ, හරිත කෘෂිකර්මය පමණයි, එකඟනොවන අය ඉවත්වන්න '

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'රජයේ ප්‍රතිපත්තිවල වෙනසක් නෑ, හරිත කෘෂිකර්මය පමණයි, එකඟනොවන අය ඉවත්වන්න '

හ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. 

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී අවධාරණය කර තිබෙනවා. රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත් ජානාධිපතිවරයා අවධාරණය කර සිටියා. 

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිතුමා පවසනවා. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු බවත් ජනාධිපතිතුමා සකච්ඡාවේදී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කරනවා. 

මෙම සාකච්ඡාවේ දී දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලුවා. එහි දී පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩු වීමට බලපා ඇති බවත් කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති වූ බවත් නිලධාරීන් පෙන්වා දුන්නා. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරීන් ජනාධිපතිරයාට දැන්වූවා. 

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නො වීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කර සිටියා. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නො වන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබුවා.  

හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසුවා. 

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද  එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  යන මහත්මමහත්මීහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහු, කාබනික පොහොර නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu