gossiplanka alexa අයවැය දෙවන වර කියවීම තුනෙක් දෙකකින් සම්මතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයවැය දෙවන වර කියවීම තුනෙක් දෙකකින් සම්මතයි

2022 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකකින් සම්මත වී තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා නිරෝධානයට ලක් වීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රෝහල්ගතව ප්‍ර‍තිකාර ලබමින් සිටින බැවින් අද දින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ පක්ෂ, විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුලු විපක්ෂයේ පාර්ශ්ව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමට විරුද්ධව ජන්දය භාවිත කළා.. ජන්ද විමසීම ප.ව 5.10 ට සිදු කෙරුණා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම (අයවැය කථාව) නොවැම්බර් මස 12 වැනි සිකුරාදා සිදු කළා.

නොවැම්බර් 13 සෙනසුරාදා සිට අද (22) දක්වා දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා එම විවාදය ආරම්භ කළා. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදයේ පිළිතුරු කථාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ සිදු කරනු ලැබුවා.

හෙට (23) සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර, සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වෙනවා.

දෙසැම්බර් 10 වැනි දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu