gossiplanka alexa කාබනික පොහොර වගාවේ ඉදිරියෙන් සිටින බලවත්තු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාබනික පොහොර වගාවේ ඉදිරියෙන් සිටින බලවත්තු

ලෝකයේ කාබනික පොහොර වගාව පිළිබඳව පවත්වන වාර්ෂික සම්මේලන වාර්තාවට අනුව ලොව සිටින රටවල් හතරක් දිගු කාලීන සැලසුමක් හරහා කාබනික පොහොර යොදා ගනිමින් තම ඉලක්ක වෙත ගමන් කරනවා. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, තායිලන්තය සහ ඉන්දියාව එම රටවල් හතරයි. 

ලොව ශ්‍රේණිගත කිරීම් අනුව මිනිසුන්ට වඩාත් සුවපහසුව ජීවත්විය හැකි නිදහස් රට ලෙස හඳුන්වා දී ඇත්තේ ඩෙන්මාර්කයයි. කාබනික පොහොර පිළිබඳව ඩෙන්මාර්කයේ අවධානය යොමු වූයේ 1980 ගණන්වලදීය. තම ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පතා හතලිස් අවුරුද්දක කැප කිරීම් මත අද ලෝකයේ කාබනික පොහොර සඳහා වැඩිම අවධානයක් යොමු කරන රට ඩෙන්මාර්කය බවට පත්ව තිබෙනවා. සෞඛ්‍යයට හිතකර ආහාර ජනතාවට සැපයිය හැකි නිසා ඒ සඳහා වියදම්වන මුදල් ප්‍රඥාවන්ත ආයෝජනයක් බව එරට රජය සඳහන් කරනවා. එසේම මෙම නිෂ්පාදනය වෙනත් රටවලට යැවීම සඳහා ද ඩෙන්මාර්කයේ අවධානය යොමුව පවතිනවා. 

ප්‍රමාණයෙන් විශාල රටක් නොවුණත් ඔස්ට්‍රියාවද කාබනික පොහොර සඳහා නම් දරා සිටින රටක්. එරට රජය විසින් කාබනික පොහොර වගාවට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සක්‍රිය වශයෙන් ඔවුන් කාබනික වගාවට පෙළඹුණේ 2010 වසරෙන් පසුවයි. කාබනික පොහොර ගොවීන් දිරිමත් කිරීම සඳහා ඔවුන් ප්‍රථම වසරේ දීම යුරෝ මිලියන 168ක් ආයෝජනය කලා. ඊට අමතරව ගොවීන් කාබනික පොහොර සඳහා දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක් ද දියත් කලා. ඊට සමගාමීව කෘෂි නිෂ්පාදන මිලයට ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක කටයුතු සඳහා ද ඔවුන් මුදල් ආයෝජනය කලා. 

ආසියානු කලාපයේ කාබනික පොහොර භාවිතය කෙරෙහි ප්‍රවණතාවයක් ඇති කිරීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ තායිලන්තයයි. එරට රජය ඒ සඳහා යොමු වූයේ 2005 වසරේ දීයි. 2005 අවුරුද්දේ දී එරට රජය රසායනික පොහොර භාවිතය 50% න් අඩු කිරීමේ අරමුණින් යුක්තව පස් අවුරුදු වැඩපිළිවෙලක් සකස් කලා. මිලියන 4ක් වූ ගොවි ජනතාවට මෙම පණිවුඩය ගෙන යෑමට අවශ්‍ය කරන පසුතලය නිර්මාණය කිරීම සඳහා එරට රජය විසින් විශාල ආයෝජනයක් සිදු කලා. 2017 වර්ෂ්යේ දී කාබනික පොහොරවලට ඔරොත්තු දෙන ඇට වර්ග ගොවීන්ට සම්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ද දියත් කලා. ඊට අමතරව කෘතිම කෘමිනාශක භාවිතය ද අවම කිරීමට කටයුතු සැලසුම් කලා. දුර දක්නා නුවණින් කටයුතු සිදු කිරීම නිසා කෘෂිකාර්මික නිෂ්පාදනවල කිසිදු අඩුවක් සිදු නොවුන අතර ගොවීන් ද මෙම ප්‍රවණතාවයට පක්ෂ භේදයකින් තොරව එකතු වුණා. 

ලෝක කාබනික පොහොර භාවිතයේ හතරවන බලවේගය ලෙසින් හඳුන්වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව කාබනික පොහොර වැඩසටහන දියත් කලේ පාරම්පරික කෘෂිකර්මය අවදි කරමින්. සෞඛ්‍ය සම්පන්න ආහාර ජනතාවට ලබා දීමේ අරමුණින් කාබනික පොහොර භාවිතය සඳහා ඉන්දියාව තමන්ගේ ප්‍රයත්නයන් සාර්ථක කර ගනිමින් පවතිනවා.

ආශ්‍රිත : මව්බිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu