gossiplanka alexa "පොහොරවල අහිතකර බැක්ටීරියා නෑ, වහාම ගාස්තු ගෙවා පොහොර තොගය භාරගන්න" චීනය දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"පොහොරවල අහිතකර බැක්ටීරියා නෑ, වහාම ගාස්තු ගෙවා පොහොර තොගය භාරගන්න" චීනය දැනුම් දෙයි

චීනයේ සිට මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියාවන් සිටින බවට ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමත් සමඟම එම පොහොර තොගය ‍රැගත් නෞකාව කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබුණා. 

ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් නිකුත් කල පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් නැවතත් එම පොහොර සාම්පල පරීක්ෂණ සඳහා තුන්වන පාර්ශව ආයතනයක් වෙත යොමු කරනු ලැබුවේ චීන Qingdao Seawin Biotech Group සමාගම විසින්. දෙරටේ එකඟතාව මත එම තෙවන පාර්ශව ආයතනය ලෙස Schutter Global Inspection and Survey සමාගම කටයුතු කලා. 

එලෙස එම සමාගම විසින් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව අදාළ කාබනික පොහොර තොගයේ කිසිදු හානිකර බැක්ටීරියාවක් අඩංගු නොවන බව තහවුරු වී ඇතැයි Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කරනවා. 

එලෙසම දැනට කොළඹ වරායේ රඳවා ඇති පොහොර තොගය ‍රැගත් නෞකාවේ ඇති පොහොරවලට ගාස්තු ගෙවා වහාම පොහොර තොගය භාර ගන්නා ලෙසට චීනය දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ. එසේම එම ණයවර ලිපි විවෘත කරන ලද මහජන බැංකුව චීනය විසින් අසාදු ලේඛණයට ඇතුළත් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu