gossiplanka alexa පොහොර ගැටළුව විසඳීමට ජනාධිපතිවරයාගෙන් පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොර ගැටළුව විසඳීමට ජනාධිපතිවරයාගෙන් පියවර

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට අමාත්‍ය චමල් රාජපක්ෂ,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න  යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සහභාගී වී සිටියා. 

එහිදී ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන ලෙසයි.  පොහොර තොග ඉදිරි දින කිහිපය තුළ  දිවයිනට ළඟාවීමට නියමිත බැවින් ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස ත් ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකර ලෙසත් ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට පවසා සිටියා. එසේම පොහොර ආනයනයේ දී  මතුව ඇති ගැටලු දීර්ඝ වශයෙන් මෙහි දී සකච්ඡාවට ලක් වූ අතර බෙදා හැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10 ක් ඇතුළත ලබාගන්නැයි  එතුමා දැනුම් දුන්නා. 

ගොවීහූ වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් අධික පොහොර භාවිතයට යොමුව සිටියත් රසායනික පොහොර භාවිතයේ දී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ගොවින් ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත යොමු කළ යුතු බව ත් ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් එතුමා මෙහි දී කියා සිටියා. 

''කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතිනවා.  වෙළඳ පොළ අවශ්‍යතාව සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීම නොපමාව කළ යුතුයි. ලෝකයේ පිළිගත් උසස් ප්‍රමිතියකින් යුත් පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනා ගෙන පොහොර ආනයනය කළ යුතුයි. වී ගොවිතැන ප්‍රමුඛ වාර්ෂිකව වගාකරන භෝග සහ ඒවායේ ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් පරිදි පොහොර ආනයනයට පියවර ගත යුතුයි'' යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu