gossiplanka alexa මුදල් පරිහරණය කරන්නේ ප්‍රවේශමෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් පරිහරණය කරන්නේ ප්‍රවේශමෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

gossip warning from WHO
සුගිය සඳුදා දින ලෝක සෞඛ්‍ය සංවිධානය අලුත්ම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ මේ වන විට ලොවම කළඹමින් පැතිර යන කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳවයි.එයට හේතුව වී ඇත්තේ කොරෝනා වයිරසය මුදල් නෝට්ටු හරහා ද පැතිර යාමට අවදානමක් තිබිමයි. මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා  සිටින්නේ මුදල් හුවමාරුවේදී ඒ සඳහා වන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

මෙම වෛරසය මුදල් නෝට්ටු මතුපිටින් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් මුදල් පරිහරණයෙන් පසු අත් සේදිය යුතු බවත් හැකි තරම් ඔන්ලිනෙ එසේත් නැත්තම්, තාක්ෂණික ක්‍රමවේද තුළින් මුදල් හුවමාරු සිදු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. 

පසුගිය මාසයේ දී වෛරසය වැළැක්වීමේ උත්සහයක් ලෙස කොරියාවේ සහ චීනයේ බැංකු විසින් භාවිතා කළ මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීම සිදු කළා. මුදල් නෝට්ටු මඟින් බැක්ටීරියා හුවමාරු විය හැකි බවට එංගලන්තය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මුදල් පරිහරණයෙන් පසු දෑත් සේදීම සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් එංගලන්ත බැංකු මුලාශ්‍රයක් පවසා ඇත්තේ කොරියාව සහ චීනය විසින් එසේ සිදු කළත් තමන් එසේ කිරීමට සැලසුමක් නැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu