Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label solution. Show all posts

ගුරු - විදුහල්පති වැ‍ටුප් විෂමතා ගැටළුවට අවසන් විසඳුමක් ලබා දීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ ඊයේ (12) අගමැතිවරයා සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිවරයා ලබා දුන් විසඳුම වූයේ ගුරු -විදුහල්පතිවරුන්ගේ වැ‍ටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේ දී ලබා දීමටත් ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේ දී එකවර ලබා දී නිම කිරීමටත් ය. 

පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවට අමාත්‍ය චමල් රාජපක්ෂ,  ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල,  මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, මහබැංකු නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න  යන මහත්වරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති කාර්යාංශය සහ ලංකා පොහොර සංස්ථාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ පොහොර ආනයනකරුවන් සහභාගී වී සිටියා. 

හවැලි සංවර්ධන අමාත්‍යාංශයට  සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපතිවරයා එම නිලධාරීන්ට පවසා තිබෙනවා. 

අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා ඇති බවත් එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් එම නිලධාරීන්ට දන්වා තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page