gossiplanka alexa රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමේ උත්සාහයේ අවසන් සංඥාව නිකුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීමේ උත්සාහයේ අවසන් සංඥාව නිකුත් වෙයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ ඇමති සර්ගෙයි ලැව්රොෆ් අතර හෙට(24) ජිනිවා හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව, යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබාගැනීමේ උත්සාහය අවසන් බවට නිකුත් කෙරුණු නවතම සංඥාව මෙය බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ අතර ඇමරිකාව විසින් රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු ප්‍රබලයින් පස්දෙනෙකුට සහ ප්‍රධාන මූල්‍ය ආයතනවලට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. රුසියාව විසින් ජාත්‍යන්තර නීතිය දැඩිව උල්ලංඝනය කර තිබෙන බවත් ඔවුන් තම ක්‍රියාකලාපය නතර නොකළහොත් තවත් සම්බාධක පනවන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා. එසේම යුක්‍රේනයට හමුදා කණ්ඩායම් යොදවන ලෙසට ද බයිඩන් නියෝග කර තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් රුසියන් ජනාධිපතිවරයා යුක්‍රේනයට හමුදා සෙබළුන් අනියුක්ත කිරීමට ගත් තීරණය බුද්ධිමත් පියවරක් බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස වී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu