gossiplanka alexa වැඩිවන එළවළු මිලට විසඳුම් දීමට ජනාධිපතිවරයාගෙන් නිලධාරීන්ට ක්‍රමෝපායන් ගැන උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩිවන එළවළු මිලට විසඳුම් දීමට ජනාධිපතිවරයාගෙන් නිලධාරීන්ට ක්‍රමෝපායන් ගැන උපදෙස්

හවැලි සංවර්ධන අමාත්‍යාංශයට  සහ වෙළෙඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග 24 පස්වරුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පැවැත්වූවා. එහි දී අධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපතිවරයා එම නිලධාරීන්ට පවසා තිබෙනවා. 

අධික එළවළු මිල  ජීවන වියදම ඉහළ යාමට දැඩිව බලපා ඇති බවත් එය පාලනය කිරීමට කඩිනම් මැදිහත්වීමක් කළ යුතු බවත් ජනාධිපතිතුමා වැඩි දුරටත් එම නිලධාරීන්ට දන්වා තිබෙනවා. 

ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය නිසා අස්වැන්න විශාල ප්‍රමාණයක් අපතේ  යන අබෙවින් එය කිසිසේත්ම නිවැරදි ක්‍රියාදාමයක් නොවන බව  ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. වතු සමාගම්වලට අයත් රජයේ ඉඩම්වල පොල් වගාවට සීමා නොවී එළවළු වගාවට ඇති හැකියාව සොයා බැලීමට   ද අවධානය මෙහි දී යොමු වුණා. එසේම ආර්ථික මධ්‍යස්ථාන ඇති කළේ පාරිභෝගික ජනතාවට සහ සුළු වෙළෙඳුන්ට  සහන සැලසීමට වුවද ඒවා මහා පරිමාණ වෙළෙඳුන් යටතට පත්වීමෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. 

යුද හමුදාවේ ද සහය ඇතිව රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ද සාර්ථකව ක්‍රියාත්මක වන අබ්වත් ප්‍රදේශ කිහිපයක වී ගබඩා අළුත්වැඩියා කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිට්යා. එසේම සෙසු වී ගබඩා ද කඩිනමින් පිළිසකර කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu