![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
පා රිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස තොස ආයතනය පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඊ යේ (10) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි මිල ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම (CTC) කටයුතු කර තිබෙනවා.
පා රිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සහල් සිල්ලර මිල සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පො ල් ගෙඩි ලක්ෂ දෙකක් අද (09) සිට දෛනිකව ලක්සතොස හරහා අලෙවිකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
නා ඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අ ද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුවන සංශෝධනයන්ට අනුකූලවයි.
මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
අ ද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා. ඒ මාසිකව සිදුවම මිල සංශෝධනය අනුවයි.
බි ත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී අද (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තර විකිණීමට හැකි තොග මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
පෑ ලියගොඩ මැනිං වෙලඳපොළේ පළතුරු මිල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු මිල ඊයේ (25) දිනයේ අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා සඳහන් කර තිබෙනවා.
ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම, සපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහ…
ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්,
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඉහළ දැමීමට තීරණය වී තිබූ ලිට්‍රො ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ගෑස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිය කිලෝග්‍රෑම් 12.5ක බරකින් යුත් ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමෙනු ඇති.