නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබෙන්නේ.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින්.
දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන් ජනාධිපතිවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.
දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද මම මෙහිදී ව්‍යාපාරිකයන්ට ජනාධිපතිවරයා විසින් ආරාධනා කර තිබෙනවා.
වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාරිකයින්ට තරයේ අවවාද කර ඇත්තේ ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙසයි.
ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබෙනවා.
- නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි
- සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි
- ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
- සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි
- කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි