gossiplanka alexa ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් ?

lanka gossip news
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීම පිළිබඳ  අවධානය යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝකය සූදානම් විය යුතු බවයි. එම වෛරසය වසංගතයක් ලෙස වර්ධනය විය හැකිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

කිසියම් බෝවන රෝග තත්ත්වයක් ඉතා පහසුවෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් තිබේනම් එම තත්ත්වය වසංගත තත්ත්වයක් ලෙස සලකනු ලබනවා. එම සංවිධානය වැඩි දුරටත් කියා සිටින්නේ කොරෝනා වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තවමත් කල්වේලා වැඩිවුවත් ඊට සූදානම් වීම වැදගත් බවයි.  

එහෙත් .  ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට දැනට පවතින තත්ත්වය ප්‍රමාණවත් බවයි. මෙම වෛරසය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව චෝදනා රැසක් එල්ල කරමින් පවතිනවා. දැනට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  80,154 ක් වන අතර ඉන් ආසාදිතයින් 77,659 දෙනෙකුම වාර්තා වන්නේ චීනයෙන්. දකුණු කොරියාවෙන් ආසාධිතයින් 893 දෙනෙකු වාර්තා වන අතර වෛරසය ආසාධනයවීමෙන් එරට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. මේවනවිට කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් ඇත්තේ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලයි. එසේම ඉරාන වැසියන් 12 දෙනෙකු මෙම වෛරසයෙන් මියගොස් ඇති අතර එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 61 ක්. ඉතාලියෙන් ආසාදිතයින් 231 දෙනෙකු වාර්තා වන අතර මියගොස් ඇති පුද්ගලයින් ගණන 7 ක්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu