gossiplanka alexa එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්වීමට හේතු ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්වීමට හේතු ?

gossip latest
ක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක් වනවා. නමුත් මෙම යෝජනාවලින් කියවෙන්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. උදය ගම්මන්පිළ මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට කර තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මෙම යෝජනාව කුමක්ද යන්න සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකියි. 

30/1 සහ සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණු 40/1 යන යෝජනා දෙක අතර වෙනස කුමක්ද? 
40/1 යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්නේ ඇයි?

30/1 යෝජනාව කියන්නේ 2015 ඔක්තෝම්බර් මාසයේ දී මානව හිමිකම් සභාවේ තිස්වන සැසියට ඉදිරිපත් කළ ලංකාව මානව හිමිකම් කඩ කළ බව පිළිගත් යෝජනාවයි.එම යෝජනාවේලංකාව බලය බෙදිය යුතුයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි, ත්‍රස්තවාදින්ට වන්දි ගෙවිය යුතුයි යුද අපරාධ පිළිබඳ විර්මශනය කළ යුතුයි සහ ත්‍රස්තවාදිය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුයි යනාදි කරුණු ඇතුළත්. ලංකාව එම යෝජනාවට සම අනුග්‍රහකත්වය දැරීම නිසා ඒ යෝජනාවෙන් ලංකාවට එල්ල කළ චෝදනා සියල්ල ලංකාව පිළිගෙන ත්බෙනවා. සමස්ථ ලෝක ඉතිහාසයේ තමන්ගේ රටට එරෙහිව ගෙනාපු යෝජනාවකට සම අනුග්‍රහය දක්වපු ලොව ප්‍රථම රට විදිහට ශ්‍රී ලංකාව වාර්ථාවක් තබන්නේ  මෙම30/1 යෝජනාව සම්මත වූ අවස්ථාවෙයි.

30/1 යෝජනාවේ ක්‍රියාත්මක කාලය 2019 මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් සභාවේ 40 වන සැසියෙන් අවසන්. ඒ නිසා ඒ යෝජනාවේ අඩංගු කරුණු සියල්ලම ඉටු කරන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලමින් ද එකී කරුණු ඉටු කිරීමේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සභාවේ 46 වන සැසියට ඉදිරිපත් කරන මෙන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලමින් ද සම්මත කළ යෝජනාව තමයි 40/1 යෝජනාව කියන්නේ. ඒ වගේම යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දැනට ජිනීවා නුවර පැවැත්වෙන 43 වන සැසියේ දී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව 40/1 යෝජනාවට සමඅනුග්‍රාහකත්වය ලබා දීමෙන් එම යෝජනාවේ අඩංගු කරුණු සත්‍ය බවට ලංකාව පිළිගත්තේඅ. ලෝකයේ කිසිම රටක් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවකට සමඅනුග්‍රාහකත්වය දක්වා නැහැ. සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියන්නේ එකී යෝජනාවේ අඩංගු කරුණු ලංකාව පිළිනොගන්නා බවයි. 

 මෙම සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට තාක්ෂණික හේතු, හරයාත්මක හේතු සහ ප්‍රායෝගික හේතු යනාදි වශයෙන් හේතු වර්ග තුනක් දැක්වීමට පුළුවන්. 

තාක්ෂණික හේතු ලෙස
  • ජනතාව විධායක බලය දුන් ජනාධිපතිගේ අනුමැතිය ලබා නොගැනීම, 
  • රාජ්‍ය පාලනය භාර වුණු ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා නොගැනීම, 
  • මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම 
  • මැතිවරණයේ දී එවැනි භයානක යෝජනාවකට සමඅනුග්‍රාහකත්වය ලබා දීමට ජනවරමක් ලබා නොගැනීම යන කාරණා තාක්ෂණික හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

හරයාත්මක හේතු ලෙස
  • යුද අපරාධ කළ බවට නගන චෝදනා පිළිබඳ කිසිම සාක්ෂියක් නොමැතිවීම
  • හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ ලංකාවේ සිටි එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරි යන අය සැකසූ වාර්තා වලින් පැහැදිලි විම
  • සහන සැලසීමේ සංවිධාන සමූහයේ රැස්වීම් වාර්තා වලද එවැන්නක් පැහැදිලි නොවීම
  • අතුරුදහන් වූ බවට කියන සමහර පුද්ගලයින් සරණාගතයින් විධියට යුරෝපිය රටවලට ගොස් තිබීම යන්න දැක්විය හැකියි

ප්‍රායෝගික කරුණු ලෙස
  • පසුගිය ආණ්ඩුව සංහිඳියාව ජනතාව තුළ ඇති කිරීමට මේ යෝජනාවෙන් කියා තිබෙන සෑම දෙයක්ම සිදු කළත් ඇති වී තිබුණු සංහිඳියාවත් නොමැති වූ බව පෙනී ගියා. විනාශකාරි ජාතිවාදි වැඩපිලිවෙලේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකි නිසා ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේ. 

කෙසේ වෙතත් මෙම යෝජනාවට සමඅනුග්‍රාහකත්වය ලබා දී රට අමාරුවේ දාන්න එපා යැයි එවකට ජිනීවා නුවර ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා විසින් එවකට විදේශ ඇමති මංගල සමරවීර මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu