අකිල විරාජ් පක්ෂයේ සමඟිය වෙනුවෙන් දැඩි තීරණයක් ගනී

gossip with akila viraj
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා. ඊට හේතු වශයෙන් මන්ත්‍රීවරයා කියා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. දෙපාර්ශ්වයම එකඟ විය හැකි නව මහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම පියවර ගත් බවද ඔහු පවසා තිබෙනවා.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග  සිරිකොත එජාප මූලස්ථානයේ දී  පැවති සාකච්ඡාවකදීඊයේ ඔහු මේ බව දැනුම් දී තිබෙනවා. 

කෙසේ නමුත් එජාප නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් මෙතෙක් මේ සඳහා එකඟතාවය පළකර නැත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu