Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Resign. Show all posts

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා සඳහන් කරනවා. ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැවතත් මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්. 

will udaya gammanpila resignකොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජන ජීවිතය අඩාල වී ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති මෙවන් අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළ දමා ජනතාව තවත් අසීරු තත්ත්වයට පත් කිරීම හේතුවෙන් අදාළ විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

https://www.gossiplanka.com/2020/08/election-commission-chairman-resign.html
ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

gossip with akila viraj
ක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා. ඊට හේතු වශයෙන් මන්ත්‍රීවරයා කියා ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. දෙපාර්ශ්වයම එකඟ විය හැකි නව මහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම පියවර ගත් බවද ඔහු පවසා තිබෙනවා.

සුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම කතානායක ධූරය දැරූ කරූ ජයසූරිය මහතා සිය නිල රථය සහ ආරක්ෂක අංශයන් හි නිල වාහන ද පාර්ලිමේන්තුවට බාර දීමට  කටයුතු කර තිබෙනවා.

ක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලඥයෙකු ආණ්ඩුවේ ප්‍රබලයෙක් වෙත පණිවිඩයක් යවමින් තමන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව දන්වා තිබෙනවා. ඔහු මේ බව දන්වා ඇත්තේ මෙරට ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හරහා බවයි වාර්තා සඳහන් කරන්නේ. 

ද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී  ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරනවා. 

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටීනවා. 

මෙතෙක් නිල මට්ටමෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැතත් කථානායක කරු ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරනවා. 

සභානායක ඇමති කිරිඇල්ල මහතා එම ධූරයෙන් ඉවත් වීමට සූදානම් වන බවත් කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සභානායකවරයාගේ කාර්ය මණ්ඩලය වෙත මාරු කිරීමට සූදානමක් ඇති බවත්  එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටිනවා. 

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශ තරගාවලියෙන් පසු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි. 

පසුව එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය තෙක් එම පුහුණුකාර මණ්ඩලය රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. 

තා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන්නේ කථානායක කරු ජයසූරිය එම තනතුරෙන් ඉවත්වීමට යන බවයි . ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මෙසේ කතානායකවරයා සිය ධූරයෙන් ඉවත්වීමට යන බවද දැනගන්නට තිබෙනවා. 

කතානායක ධූරයෙන් ඉවත්වන ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සභානායක තනතුර දරනුලබන බවයි වාර්තාවන්නේ. ඒ සඳහා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කැමැත්ත පළකර ඇතැයිද දැනගන්නට තිබෙනවා.

ක්‍රී ඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සියළු ධූරවලින් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දැනුම් දී තිබෙනවා. එසේ ඉවත් වීමට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසුවයි.

මෙම දැන්වීම් සියල්ල ලබා දී ඇත්තේ ලිඛිතව යි.

වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. වරෙක ඉහළ යන කණ්ඩායම් තවත් වරෙක අන්තිම පහළ මට්ටමට වැටෙනවා. ප්‍රබල එංගලන්ත පිළ පරාජය කරපු ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට පරාජය වුණා. දකුණු අප්‍රිකාව කියන්නේ තරඟවලින් පරාජය වෙලා ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසි වී සිටින කණ්ඩායමක්. නමුත් එම පිලට අද ලංකා කණ්ඩායම පරාජය වුණා. මේ අතර  එංගලන්තය තරඟය ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛයා වූ ලසිත් මාලිංග තමාගේ ක්‍රිකට් සමුගැනීම ගැන අදහස් දක්වා තිබුණා. 


ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඉල්ලා අස්වී තිබෙන බවයි.  

සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉල්ලා අස් වූ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව,

ල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ලිපි ඊයේ වන විටද ජනාධිපතිවරය වෙත ලැබී නොතිබුණු නිසා ඒ ගැන සමාජයේ නොයෙක් කතා බහ ඇති වුණා. ඒ ගැන හේතු දක්වමින් අද දිනයේ (06)  පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් තම අදහස් ප්‍රකාද කර සිටියා. 

ඒ අනුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප‍්‍රමාද වූයේ තම කණ්ඩායම රාමසාන් සැමරුම් සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් බව මන්ත්‍රීවරයා කියා සිටියා. 

ණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම දැනුම්දීමට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර , භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ විරෝධය හමුවේ දේශපාලන නායකයින් නිවට අකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා ප‍්‍රකාශ කළේ මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත්වීමද කූඨ උපක‍්‍රමයක් විය හැකි බවයි.    මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් වුවද ඔවුන් සිය බලය සහ වරප‍්‍රසාද අත්හරින්නේද යන්න පිළිබද ගැටළුවක් පවතින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන රජයේ සියලූ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූර වලින් ඉල්ලා අස්වන බවයි. මෙසේ ඉල්ලා අස්වීමට හේතු වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමයි. 

ජය නියෝජනය කරන සියළුම මුස්ලිම් අමාත්‍යවරුන් අද පස්වරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වන බව අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රවුෆ් හකීම් මේ බව නිවේදනය කළා.

එසේ ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page