gossiplanka alexa ජනමාධ්‍ය ඇමති, ධූරයෙන් ඉල්ලා අස් වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනමාධ්‍ය ඇමති, ධූරයෙන් ඉල්ලා අස් වෙයි ?

පසුගිය 18 වන දින ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය නාලක ගොඩහේවා එම ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා. 

ඒ අනුව අමාත්‍යවරයා සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇති බවයි මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් පවසා ඇත්තේ. 

"අලුත් කැබිනට් ඇමතිවරු පත් කලා 18 වන දා. එසේ කැබිනට් ඇමති ධූර පත් කිරීමෙන් දවස් දෙකක් ගතවන දින එනම් 20 වන දිනයේ දී එක් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාට ලිපියක් යවනවා ඉල්ලා අස්වෙලා. කවුද ඒ ලියුම යවන්නේ ? ඒ ලියුම යවන්නේ මහාචාර්ය නාලක ගොඩහේවා මහත්මයා . එතුමා ජනාධිපතිතුමාට 20 වෙනිදා ලියුමක් යවනවා  අළුත් කැබිනට් එකෙන් අයින් වෙලා. මොකද නාලක ගොඩහේවා මහත්මයට තේරෙනවා දැන් මේකෙ යන්න බැහැ කියලා. අනිත් කකුළුවන්ට තේරෙන්නෙ නැති වුණාට අනිත් කකුළුවන්ට තේරෙන්නෙ රත් වුණාම තමයි. නාලක ගොඩහේවා මන්ත්‍රීතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බැහැ කියලා. ඒ නිසා ඉල්ලා අස් වෙලා තියනවා. 

නමුත් ජනාධිපතිතුමා නාලක ගොඩහේවා මන්ත්‍රීතුමාට කියලා තියනවා දැනට එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා එකේ සාකච්ඡා ඉවරවෙනකල් ඉන්න කියලා. මං මේ කියන දේ අසත්‍යනම් මහාචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රී තුමාට ඒක නිවැරදි කරන්න පුළුවන්. අපිට පේනවා දැන් අළුතින් පත්වන කැබිනට් එකත් මේ ආණ්ඩුවේ ඉන්නෙ නැහැ. එයාලත් අයින්වෙලා යනවා. ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරුන් කාටවත් දැන් මහපාරේ යන්න බෑ. ජනාධිපතිවරයාට තමන්ගේ කාර්යාලට පවා යා නොහැකි තත්ත්වයක් මතුවෙලා. ඒ නිසා ජනාධිපතිවරයාට අපි කියනවා අද රටේ ජනමතය තේරුම් ගෙන ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස" මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu