gossiplanka alexa තවත් රාජපක්ෂවරයෙකු ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් රාජපක්ෂවරයෙකු ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව එම තනතුරට අළුතින් පත්කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරයි. ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්. 

මේ අතර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් පියංකර ජයරත්න තව දුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යධූරයේ කටයුතු කරන බව ආණ්ඩුවට නිල වශයෙන් දන්වා තිබෙනවා. ඔහු එහිදී දැනුම් දී ඇත්තේ තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට ලබා දුන් ලිපිය පිළි නොගන්නා ලෙසයි. පියංකර ජයරත්නට ආණමඩුව, නවගත්තේගම, කරුවලගස්වැව හා පල්ලම යන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හතරේ ප්‍රධානත්වය ද ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu