gossiplanka alexa දෙමාපියනි පාසැල් ළමුන් ගැන අවධානයෙන් සිටින්න, නොමැතිනම් ඔබේ දරුවා ද මෙවන් ගොඳුරක් වියහැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමාපියනි පාසැල් ළමුන් ගැන අවධානයෙන් සිටින්න, නොමැතිනම් ඔබේ දරුවා ද මෙවන් ගොඳුරක් වියහැකියි

යස අවුරුදු 13 ක දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට බිය ගන්වා එම දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක්කළැයි කියන සිද්ධියකට අදාළව තරුණයින් 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරුණයින් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි සිසුවකු හා ඔහුගේ මිතුරන් වන තවත් පාසල් සිසුන් 6 දෙනකු බවයි හඳුනාගෙන ඇත්තේ. 

කොළඹට තදාසන්න ප්‍රදේශයක පිහිටි පාසලක ඉගෙනුම ලබන එකී බාලවයස්කාර සිසුවිය අමතර පන්තියකදී දැන හඳුනාගත් මෙම තරුණයා සමඟ ප්‍රේමසම්බන්ධයක් පවත්වා තිබෙනවා. ඉන්පසු එම පෙම්වතා ඇයව ලැගුම් හලකට ගෙන ගොස් ඇයගේ ඡායාරූප රැගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුව වට්ස් ඇප් මාර්ගයෙන් ඇගේ විස්තර හා දුරකථන අංකය සිය මිතුරන් පිරිසකට ද යවා ඇති බවත් ඒ ඔස්සේ සෙසු සැකකාර සිසුන් හය දෙනා ද ඇයව විවිධ ස්ථානවලට ගෙන්වා ගෙන විටෙන් විට දූෂණය කර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවුණා. මෙයට මාසයකට පමණ පෙර අහම්බෙන් මෙන් සිය දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ ඇගේ මව එහි තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන දැක ඒ පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කර තිබුණා.

ඉතා රහසිගතව විමර්ශන සිදුකළ ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එකී සැකකාර සිසුන් හත් දෙනා පසුගිය වසරේ පෙබරවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස හතක කාලයක් ඇයට අතවර කර ඇති බව අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණා.

2019 වර්ෂයේදී පෙබරවාරි මස නාඳුනන අංකයකින් තම මවගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු බවත්, "තමුසෙ (.......) එක්ක කරපු දේවල් මා ළඟ තියෙනවා. මම ඌට වඩා දරුණුයි. මා එක්ක යන්න එන්න ඕන.. නැත්තම් මේවා අන්තර්ජාලයට දානවා.." යැයි එහි සඳහන් වූ බව පැමිණිල්ලේ සඳහන්. 

මේ අයුරින් සැකකාර තරුණයාගේ මිතුරන් හය දෙනෙකු වරින් වර දුරකථන ඇමතුම් දෙමින්, මෙම දැරිය කඩුවෙල ප්‍රදේශයේ ලැඟුම්හල් වෙත රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. 

සැකකරුවන් සියලූ දෙනාම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බව අධිකරණය හමුවේදී අනාවරණය වුණා. 

මෙම වින්දිත දැරිය කිසිදු සමාජ අවබෝධයක් නොමැති අයෙකු වන බවත්, ඇයගේ ශරීරය මෙන්ම මනසද දැඩි ලෙස අපයෝජනය වී ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙය සැලසුම් සහගතව සිදු කරන ලද ක්‍රියාවක් බවට පෙනෙන්නට ඇති බව සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. ඒ අනුව සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu