gossiplanka alexa අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර නැවත පරීක්ෂාවට තීරණයක්, පාර්ශව කිහිපයකගේ විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර නැවත පරීක්ෂාවට තීරණයක්, පාර්ශව කිහිපයකගේ විරෝධය

හිතකර බැක්ටීරියා ඇති බවට තහවුරු වීමත් සමඟම ආපසු හරවා යැවූ චීන කාබනික පොහොර සහිත නෞකාව තවමත් මෙරට මුහුදු කලාපය ආසන්නයේ රඳවාගෙන සිටිනවා. එම පොහොර තොගය සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශවය විසින් පිළිගත් ආයතනයකට යොමු කර පරීක්ෂා කිරීමට මේ වන විට ලංකා රජය එකඟතාව පළ කර තිබෙනවා. 

මෙම පොහොර නිෂ්පාදන ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට ආනයනය කරන ප්‍රමිතියෙන් යුතු පොහොර බවත් ඒ නිසා සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බවත් අදාළ චීන සමාගම විසින් දන්වා තිබුණා. ඒ අනුව මෙසේ එම පොහොර සාම්පල නැවත පරීක්ෂාවට රජය එකඟ වී තිබෙනවා. 

කෙසේ වෙතත් පොහොර සාම්පල නැවත පරීක්ෂා කිරීමේ තීරණය පිළිබඳව මෙරට පාර්ශව කිහිපයකගේ විරෝධය පළ වී තිබෙනවා. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ මෙම කාබනික පොහොර ඇතුළත් නෞකාව කිසිදු වරායකට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙන බවයි. අනුමැතියකින් තොරව කිසිදු නැවකට වරායට ඇතුල් විය නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

මේ අතර එම පොහොර නිෂ්පාදනය කල චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරනයෙන් වාරන නියෝගයක් ඊයේ (260 නිකුත් කෙරුණා. කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමට නොහැකිවන සේ මෙලෙස වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා. 

ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන්ව් එත යවන ලද නියැදිය පරීක්ෂා කර එහි ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුලු ජීවීන් සිටින බවට තහවුරු වීමෙන් අනතුරුව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu