Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Malinga. Show all posts

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් සටහනක් තමා තිබුණා. 

ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වෙලා. ඒ ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානය නිසා. නොයෙක්කැපිලි කෙටිලි හමුවේ නොසැලී තම ගමන ඉදිරියටම අරගෙන ගිය ලසිත් මාලිංග පසුගිය දිනක එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තා.

වුරුත් දන්නා කරුණක්. කඩා වැටී යන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට ලසිත් මාලිංග නම් විශිෂ්ඨයා බිබීසී පුවත් සේවය සමඟ කළ සාකච්ඡාවකදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඔහු මෙම සාකච්ඡාවට සහභාගී වුණේ පසුගිය එක්දින ලෝක කුසලාන තරඟාවලිය අතරතුරයි. 

"මම දන්නේ නැහැ මේ තියෙන ඡන්ද ක්‍රමත් එක්ක මේ දිගු කාලීන යෝජනා ඉටු කරන්න පුළුවන් ද කියලා, නමුත් කරන්න පුළුවන් සරල පොඩි දේවල් තියෙනවා මම දැන් අවුරුදු 6,7ක් තිස්සේ යෝජනා කරන," ලසිත් මාලිංග කියා සිටියා. 

ලොව බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නාගේ අවසන් එක්දින තරඟය අද පැවැත්වුණා. ඒ බංගලාදේශ කණ්ඩායම සමඟ එහි දී ලකුණු 91ක ජයග්‍රහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. අවසන් එක්දින තරඟයට සහභාගී වූ මාලිංග කඩුළු ලකුණු 38ට කඩුළු 3ක් දවා ගැනීමට එහි දී සමත් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුළු 8ක් දැවී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 223ක් පමණි. 

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප කතානායක දහසය හැවිරිදි යෞවනයා එය තමාගේ දෛවය වෙනස් කරන හෝරාව එය කියා දැන සිටියේ නැත.

ඔහුට එදා පන්දු යවන්නට සිදුව තිබුණේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දුව පෝෂණය කරන පුහුණුකාරතුමාටය. නමුත් ඔහුගේ සිතේ චකිතයක සේයාවක් හෝ නැත. ඔහු දිවවිත් හැකි උපරිම වේගයෙන් පන්දුව මුදා හැරියේය. ඒ වන විටත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේගපන්දු බලා කියා ගත් පිතිකරණ අන්තයේ සිටි පුහුණුකරුවාගේ සිත මේ තරුණයා කෙරේ උපරිමයෙන්ම පැහැදී තිබුණි.

බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් පසු තමන් එක් දින ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව සනාථ කරමින්ලසිත් මාලිංග වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා අහෙර තිබෙනවා. ඔහු එම වීඩියෝවෙන්  ඉල්ලා සිටින්නේ ලබන 26 වන දින පැවැත්වෙන ඔහුගේ අවසන් එක් දින තරඟය නැරඹීම සඳහා සියළු ශ්‍රී ලාංකිකයින්ට පැමිණෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ යෝකර් රජු ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියා සංචාරයකට පිටත්ව ගියා. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ඕස්ට්‍රේලියෑඅ පදිංචියට යාමට සූදානම්ක් ඇති බවයි. පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා යෝකර් රජු ලසිත් මාලිංග  ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කර ඇති බව  ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. 

35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා. ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්. ඔහු තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ක්‍රිකට් කියන්නේ හරිම අවිනිශ්චිත ක්‍රීඩාවක්. වරෙක ඉහළ යන කණ්ඩායම් තවත් වරෙක අන්තිම පහළ මට්ටමට වැටෙනවා. ප්‍රබල එංගලන්ත පිළ පරාජය කරපු ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකාවට පරාජය වුණා. දකුණු අප්‍රිකාව කියන්නේ තරඟවලින් පරාජය වෙලා ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසි වී සිටින කණ්ඩායමක්. නමුත් එම පිලට අද ලංකා කණ්ඩායම පරාජය වුණා. මේ අතර  එංගලන්තය තරඟය ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛයා වූ ලසිත් මාලිංග තමාගේ ක්‍රිකට් සමුගැනීම ගැන අදහස් දක්වා තිබුණා. 

ලොව අංක එකේ ප්‍රභල  කණ්ඩායමක් වන එංගලන්තය පරදා  ලැබූ පෙරළිකාර ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය දකුණු අප්‍රිකාව සමඟ ජුනි 28 වැනිදා ඩර්හැම් එමිරේට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එංගලන්ත කණ්ඩායම සමඟ ජහග්‍රහණය වෙනුවෙන්  ප්‍රමුඛයා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා ලසිත් මාලිංග  දිනපු මැච් එක වගේම හෙට (28) තියෙන මැච් එකටත් කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන අදහස් දැක්වුවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page