gossiplanka alexa "මගේ පෞද්ගලික දක්ෂතාවය කණ්ඩායමට ඕන වෙලාවට එළියට දානවා - මට හිතුණොත් මේ දේ කරලා බලන්න ඕන කියලා මං කරනවා" - ලසිත් මාලිංග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මගේ පෞද්ගලික දක්ෂතාවය කණ්ඩායමට ඕන වෙලාවට එළියට දානවා - මට හිතුණොත් මේ දේ කරලා බලන්න ඕන කියලා මං කරනවා" - ලසිත් මාලිංග

ලොව අංක එකේ ප්‍රභල  කණ්ඩායමක් වන එංගලන්තය පරදා  ලැබූ පෙරළිකාර ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය දකුණු අප්‍රිකාව සමඟ ජුනි 28 වැනිදා ඩර්හැම් එමිරේට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එංගලන්ත කණ්ඩායම සමඟ ජහග්‍රහණය වෙනුවෙන්  ප්‍රමුඛයා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා ලසිත් මාලිංග  දිනපු මැච් එක වගේම හෙට (28) තියෙන මැච් එකටත් කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන අදහස් දැක්වුවා.

එංගලන්තය තරඟය දවසේ පන්දු යැවීම ගැන මාලිංග සඳහන් කලේ..

මං හිතන්නේ ලොකු වෙනස්කම් මොනවත් නැහැ. දන්නදේ කරන එක තමයි වැදගත් වෙන්නේ. තරඟය ජයග්‍රහණය කරන්න අපි හැමෝටම උවමනාව තිබ්බා. නමුත් අපි ලබාගත්ත ලකුණු සංඛ්‍යාවත් එක්ක හැමෝගෙම හිතේ ලොකු චකිතයක් තිබුණා ලකුණු සංඛ්‍යාව මදි කියන එක. ඉතින් ඒ වගේ ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් නවත්තගන්න නම් අපි කඩුලු 10 ම ලබා ගන්න ඕනි. ඒකට හොඳම දේ තමයි පලවෙනි පන්දුවාර 10 ඇතුලත කඩුලු 2ක් හෝ 3ක් ලබා ගැනීම. ඉතින් මං හිතනවා ඒ අවශ්‍යතාවය මගේ අතින් ඉටු වුනා කියලා. ඊට පස්සේ ඇවිල්ලා අපි සෑම කෙනෙක්ම හොඳින් පන්දු යවලා හිරකරගෙන හිටියා.  ඒ කියන්නේ ලයින් එකයි ලෙන්ත් එකයි හොඳට කරගෙන හිටියා.ඔවුන්ට ලේසියෙන් ලකුණු ලබාගන්න නොදී ඒ කියන්නේ විඩ්ත් එක දෙන්නේ නැතුව හොඳට පන්දු යැව්වා. මං හිතන්නේ ඒක තමයි මැච් එක ගොඩක් පස්සට ඇද ගන්න තියෙන එකම අවස්ථාව. ඉතින් මං හිතනවා අපි මැච් එක පස්සට ඇද ගත්ත නිසා තමයි ඔවුන්ට ප්‍රෙෂර් එකක් වැටිලා මැච් එක දිනුවේ. ඒ වගේ අවස්ථාවලට මංගාව තියෙන Skill එකත් යුස් කරලා කොහොමද කඩුලු ලබාගන්න ගමන් ලකුණු නවත්තන්නේ කියන දේත් කල්පනා කරලා කණ්ඩායමට අවශ්‍ය දේ කරලා දෙන්න උත්සහ කළේ.


ජෝස් බට්ලර් ගේ දවාගැනීම ගැන මාලිංගගේ අදහස වූයේ,

"මං එයත් එක්ක ගොඩක් මැචස් ගහලා තියෙනවා. මට ගොඩක් මතකයි මම ගහපු ක්‍රිකට් එක. ඉතින් නිසා IPL එකේදිත් හැමදේකදිම මම ගහපු ක්‍රිකට් එක මට මතකයි. මට මගේ Skill එක මට කරන්න පුළුවන් දේ  මම විශ්වාස කරනවා කොයි වෙලාවෙත්. ඉතින් මගේ Skill එකයි මන් ගැන විශ්වාස කරන එකයි කියන දේ සහ මට හිතුණොත් මට මේ දේ කරලා බලන්න ඕනි කියලා මං උත්සහ කරනවා. ඉතින් මන් ඒ වෙලාවේ තීරණය කරා මෙයාව අවුට් කරන්නේ කොතනින්ද කියන එක. ඒ වෙලාවේ පන්දුවත් පරණයි ඉතින් ඒ නිසා මට පන්දුව ස්ලිප් එකෙන් අවුට් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා මං තේරුම් අරගෙන  ස්ලිප් එකේ ඉන්න කෙනා කැචින් එකට ගෙනල්ලා ඔප්ෂන් එකක් දුන්නා තව පොඩ්ඩක් හරහට බැට් කරන්න කියලා.ඉතින් මන් හිතනවා මගේ උගුල හරිගියා කියලා. ඉතින් ඒ වගේ ගේම් එකක් ගහනකොට trap එකක් දෙන්න ඕනි trap එකක් දෙනකොට අපි කියනවා 'හතරක් පෙන්නලා තියන්න ඕනි' එතනට ගහන්න කියලා. ඉතින් ඒ වගේ trap දෙන ගමන් තමයි ගේම් එකක් හැන්ඩ්ල් කරන්න පුළුවන්. ගහන අපි තමයි දන්නේ මැද මොකද වෙන්නේ කියලා නමුත් එළියෙන් බලන් ඉඳලා මම ඒකට හතරක් ගියානන් කියයි මම කොහෙද බෝල් කරන්නේ කියන එක. ඉතින් ඒ දෙකම මම ලබාගන්න බලාපොරොත්තුවෙන් තමයි මම මගේ trap එක පාවිච්චි කරන්නේ. ඉතින් එක නිසා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මම දන්නා සියල්ල මම යොදාගන්නවා. ඒ වගේම මම අනිත් ක්‍රීඩකයින්ටත් උදවු කරනවා මේ වගේ දේවල් වෙන්න ඕනි කියන එක. මට පුළුවන් දේ කරලා කණ්ඩායම ජයග්‍රහණය කරනවා වගේම දිමුත්ටත් මම සපෝර්ට් එක දෙනවා"

අවසන් පූර්ව වටේට යන්න ශ්‍රී ලංකාවට තව තරඟ තුනක් තියෙනවා. සමහර විට තරඟ 3නම ජයග්‍රණය කරන්න වෙයි ඉස්සහරට යන්න.මේ දේවල් එක්ක ඊලග තරඟයට සුදානම කොයි වගේද කියන එක ගැන මාලිංග දැක්වූවේ මෙවන් අදහසක්.

"මං හිතන්නේ වැදගත්ම දේ වෙන්නේ තරඟාවලිය පටන්ගන්නකොට ICC රෑන්ක් එකේ 9 වෙනි ස්ථානය රැදී ඉන්නේ. ඉතින් එක නිසා වැදගත්ම දේ තමයි මම කණ්ඩායමෙන් අයින් වෙනකොට කෙසේ හෝ ස්ථාන දෙකක් හෝ තුනක් ඉදිරියට ගෙනල්ලා  දෙන්න අවස්ථාව දෙන්න පුලුවනම් මගේ උපරිමය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කරනවනන් අපි තරඟ ජයග්‍රහණය කරන්න ඕනි. එකට මන් හිතනවා අපි ගහන කණ්ඩායමට වඩා අපි පෞද්ගලික දක්ෂතාවය වැඩි කරගන්න උත්සහ කරන්න ඕනි. මොකද අපිට ගහන කණ්ඩායමට අනුව ක්‍රීඩා කරන්න හැකියාවක් නැහැ. අපි අවුරුදු ගානක් තිස්සේ ක්‍රීඩා කරන විදියක් තියෙනවා. අපි ඇකට තමයි ක්‍රීඩා කරන්නේ.ඒ ස්ටයිල් එකට අපි කොහොමද මගේ දක්ෂතාවය, මගේ ඉඳලා අනිත් ක්‍රීඩකයින් 11 දෙනාම ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතාවය වැඩි කර ගැනීමට තමයි ක්‍රීඩා කරන්න ඕනි. ඒක වැඩිකර ගත්තොත් දවස අවසාන වෙන කොට කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන්න පුළුවන්. නැත්තන් අපි ගහන්නේ අද එංගලත්තේ එක්ක හෙට දකුණු අප්‍රිකාව එක්ක මේ ගොල්ලෝ එක්ක එක විදියකටත් අරගොල්ලෝ එක්ක තව විදියකටත් එහම ක්‍රීඩා කරන්න  හැකියාවක් නැහැ. ඉතින්ඒක තමයි ගොඩක් බලන්න ඕනි. කණඩායම කවුරු වුනත් මගේ පෞද්ගලික දක්ෂතාවය කණ්ඩායමට උවමනා වෙලාවට එලියට දාන්නේ"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu