gossiplanka alexa ලොවට බිහි විශිෂ්ඨතම යෝකර් පන්දු යවන්නාගේ එක්දින ක්‍රිකට් දිවිය එසේ නිම විය - මාලිංගගෙන් සැර කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොවට බිහි විශිෂ්ඨතම යෝකර් පන්දු යවන්නාගේ එක්දින ක්‍රිකට් දිවිය එසේ නිම විය - මාලිංගගෙන් සැර කතාවක්

ලොව බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නාගේ අවසන් එක්දින තරඟය අද පැවැත්වුණා. ඒ බංගලාදේශ කණ්ඩායම සමඟ එහි දී ලකුණු 91ක ජයග්‍රහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. අවසන් එක්දින තරඟයට සහභාගී වූ මාලිංග කඩුළු ලකුණු 38ට කඩුළු 3ක් දවා ගැනීමට එහි දී සමත් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුළු 8ක් දැවී ලකුණු 314ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 223ක් පමණි. 

තරඟයේ වීරයා සම්මානය පන්දු 99කදි ලකුණු 111ක් ලබා ගත් කුසල් පෙරේරාට හිමි වූ අතර Smart Player of the match සම්මානය ලසිත් මාලිංගට හිමි විය. 

තරඟට අවසානයේ ඉතා හැඟීම්බර කතාවත් ඉදිරිපත් කළ ලසිත් මාලිංග තමාට ක්‍රිකට් ජීවිතයට පිවිසීමට අත හිත දුන් සියල්ලන් වෙත ස්තූතිය පුද කර සිටියා.

" මම 2004 ක්‍රිකට් පිටියට එනකොට මට කවුරුත් හිටියේ නෑ. ඒත් අද මේ මං එක්කලා ඉන්න ඔයගොල්ලො දකිනකොට මට හිතෙනවා මම මාර පොරක් වෙලා කියලා. " මාලිංග කතාව පටන් ගත්තේ ඒ විදියට.

තම කතාව අවසානයේ දී ලසිත් මාලිංග තමන්ව්ගේ ක්‍රිකට් ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ චම්පක රාමනායක වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළා. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ලසිත් මාලිංග වෙත විශේෂ කුසලානයක් පිරිනැමුවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu