gossiplanka alexa කඩා වැටෙන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට මාලිංගගෙන් කෙටි කාලීන විසඳුම් කිහිපයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඩා වැටෙන ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට මාලිංගගෙන් කෙටි කාලීන විසඳුම් කිහිපයක්

වුරුත් දන්නා කරුණක්. කඩා වැටී යන ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට ලසිත් මාලිංග නම් විශිෂ්ඨයා බිබීසී පුවත් සේවය සමඟ කළ සාකච්ඡාවකදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඔහු මෙම සාකච්ඡාවට සහභාගී වුණේ පසුගිය එක්දින ලෝක කුසලාන තරඟාවලිය අතරතුරයි. 

"මම දන්නේ නැහැ මේ තියෙන ඡන්ද ක්‍රමත් එක්ක මේ දිගු කාලීන යෝජනා ඉටු කරන්න පුළුවන් ද කියලා, නමුත් කරන්න පුළුවන් සරල පොඩි දේවල් තියෙනවා මම දැන් අවුරුදු 6,7ක් තිස්සේ යෝජනා කරන," ලසිත් මාලිංග කියා සිටියා. 

ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් අඩු කර ශක්තිමත් පළාත් තරගාවලියක් සකස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර් සන්ගකකාර ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉටුකළ හැකි නම් එය ඉතා යහපත් බව ලසිත් මාලිංග පවසා සිටියා. 

"මම දන්න විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දවසකට මේ සාමාන්‍ය ක්‍රීඩාංගණයකට රුපියල් 80,000ක් ගෙවනවා තරගයක් පවත්වන්න. දවස් තුනේ තරගයකට මේක තුන් ගුණයක්. ජාත්‍යන්තර ක්‍රීඩා පිටි 5ක් විතර ලංකාවේ තියෙනවා. මම කියන්නේ මේ සල්ලි ක්‍රීඩා සමාජවලට දෙන්න එපා. තරග 10ක් තියෙනව නම් 5කට දෙන්න ඉතිරි තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ගහන්න. එතකොට අවුරුදු 3ක් යනකොට සෑම දේශීය ක්‍රීඩකයෙක් ම ශ්‍රී ලංකාවේ තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල තරග 10ක් වත් ක්‍රීඩා කරලා අත්දැකීම් ලබාගන්න පුළුවන්. මේ ළමයින්ට ඒ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන්න හොඳට පුරුදු වෙනවා පොඩි ක්‍රීඩාංගණවල විතරක් ක්‍රීඩා කරන්නේ නැතුව,අපිට ක්‍රීඩාංගණ තියෙනවා නම්. සල්ලි දෙන්නේ අපි නම් ඇයි අපි සල්ලි දෙන්නේ. අපි සල්ලි දෙන්නේ නැතුව ක්‍රීඩාංගණ දෙන්න පුළුවන්නේ

IPL කණ්ඩායම් 8ක් තියෙනවා. මාස එක හමාරක් තුළ ඔවුන් තරග ක්‍රීඩා කරනවා. අපේ ලංකාවේ ඉන්න වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් හැම කණ්ඩායමක ම දෙන්නෙක් ගාණේ පුහුණුවීම්වල පන්දු යැවීමට යවන්න. ඒ කාලයට ව්යදම් කරලා, හෝටලයේ කාමරයක් දාලා, කන්න දීලා යවන්න. එතකොට ඒගොල්ලෝ එහෙ ඉන්න ලෝකයේ හොඳ ම පිතිකරුවන්ට පන්දු යවන්නේ. එතකොට ඒ ගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්නේ. පහර නොකා ඉන්න ඉගෙන ගන්න ඕනේ. බේරෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒ හැකියාවන් වර්ධනය වෙනවා එතකොට

ශ්‍රී ලංකාවේ SLPL තරගාවලියක් ගැහුවා ඒක නැවතුණා. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට ඒ අවශ්‍ය අත්දැකීම් ලැබෙන්නේ නැහැ. පීඩනය දරා ගන්නේ කොහොම ද? ඒ අවශ්‍ය වෙලාවේ ක්‍රීඩා කරන්නේ කොහොම ද? කියලා ඊට අවශ්‍ය හැකියාවන් මොනවා ද? කියලා. සෙනග කෑගහනකොට ක්‍රීඩා කරන්නේ කොහොම ද කියලා" ඔහුගේ යෝජනා ඉදිරිපත් කරමින් පවසා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu