gossiplanka alexa ‘‘මහින්ද ජනාධිපතිතුමාට මම සදාකාලිකව පිං දෙනවා‘‘ හිටපු ජනපති මහින්දට මාලිංගට ස්තුතියි කලේ මෙහෙමයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‘‘මහින්ද ජනාධිපතිතුමාට මම සදාකාලිකව පිං දෙනවා‘‘ හිටපු ජනපති මහින්දට මාලිංගට ස්තුතියි කලේ මෙහෙමයි - VIDEO

රග තුනකින් සමන්විත ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ එක් දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ ශී‍්‍ර ලංකාව බිහි කළ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට ජයග‍්‍රාහි සමු ගැනීමක් තිළිණ කරමින්.

එක්දින ජාත්‍යන්තර තරග දිවියේ සිය අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවා ගනිමින්, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමින් ලසිත් මාලිංග තම ඒක්දින තරග දිවියට සමුදුන්නේ තවමත් පන්දුවෙන් පෙළහර පෑමට තමන් සමත් බව ඔප්පු කරමින්.

ලසිත් මාලිංගගේ අවසන් ඒක්දින තරඟය ‌දැක ගැනීම සඳහා පැමිණි විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ප්‍රතිචාර මධ්‍යයේ ඔහු තමට උදව් උපකර කළ සියළු දෙනා ඉතා ගෞරවයෙන් සිහිපත් කිරීමටද අමතක කළේ නැහැ. එහිදී 2004 වසරේ තමන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ මොහොතේ සිට උදව් කළ සියළු දෙනා සිහිපත් කළේ ලසිත් මාලිංග යනු කලගුණ දන්නා ක්‍රීඩකයෙකු බව ලොවට පසක් කරමින්.

එසේම තමන් රෝගාතුරව කිසිවෙකුගේ සහයක් නොලබා සිටියදී හිටි මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා හඳුන්වා දී තම ආබාධය සුවපත් කරගැනීමට සහය ලබාදීම පිළිබඳ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද සිය ස්තූතිය පුද කිරීමට අමතක කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලසිත් මාලිංග මෙලෙස අදහස් පළ කළා.

‘‘මගේ පාදයේ ආබාධයක් ඇතිවුනා. ඒ වෙලාවෙ හැමෝම මං ගැන බලන්නෙ නැති කාලෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කකුලෙ ආබාධය සුවකර ගන්න වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව හඳුන්වා දුන්න‍ා. ඉතිං මම අදටත්, හෙටටත් ඒ වගේම මින් ඉදිරියටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මම පිං දෙනවා‘‘

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu