gossiplanka alexa බංගලාදේශයෙන් ඉන්දිය සාගරයට වැටෙන ගංගාව ජීවිත බිලි ගනිමින් බංගලාදේශය යටකර දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බංගලාදේශයෙන් ඉන්දිය සාගරයට වැටෙන ගංගාව ජීවිත බිලි ගනිමින් බංගලාදේශය යටකර දමයි

හිමාලයෙන් ආරම්භ වී බංග්ලාදේශයෙන් ඉන්දීය සාගරයට වැටෙන බ්‍රහ්මපුත්‍ර නදියේ ජල මට්ටම පසුගිය 10 වන දා සිට සීග්‍රයෙන් ඉහළ යාම නිසා බංගලාදේශයේ ජල ගැල්මක් ඇති වී තිබෙනවා. ගංගාවේ ජල මට්ටම පිටාර ගැලීමෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයක් අවතැන් වී ඇතැයි වාර්තා වනවා. 1975 වසරෙන් පසු එම ගංඟාවේ ජල මට්ටම ඉහළම අගයක් සලකුණු කර ඇත්තේ පසුගිය සතියේදියි. 

මෝසම් වැසි සමඟ ඇති වූ මෙම ජල ගැලීම් හේතුවෙන් බංග්ලාදේශයේ ඊයේ (26) වන විට සිදු වූ ජීවිත හානි 114 දක්වා ඉහළ ගොස් තිබුණා. ජලයේ ගිලීමෙන් ජීවිත හානි වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර, නාය යාම්, සර්පයන් දෂ්ට කිරීම් සහ අකුණුසැර හේතුවෙන් ද තවත් පිරිසක් මිය ගොස් තිබෙනවා. 

උතුරුදිග ජමාල්පූර් ප්‍රදේශයේදී වයස අවුරුදු 6ත්, 18ත් අතර දැරියන් 5 දෙනෙකු ඔවුන් රැගත් බෝට්ටුව පෙරළී යාමෙන් මරුමුවට පත්වුණා.

බංග්ලාදේශයේ ජල ගැල්මෙන් පීඩාවට පත් මුළු සංඛ්‍යාව පනස් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu