Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label 2020. Show all posts

2020 විවාහක ලෝක රූ ‍රැජිණ ලෙස තේරීපත් වූ ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් ස්වේච්ඡාවෙන්ම තම කිරුළ ආපසු භාර දී තිබෙනවා. ඇය විසින් මේ බව විවාහක ලෝක රූ ‍රැජිණ සංවිධානය වෙත දැනුම් දී ඇති බව එම සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. 

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කොමිෂන් සභාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් හි උපදෙස් ලබා ගැනීමට නියමිතයි.

මාර්තු මස 19 වනදා භාරගත් නාමයෝජනා වල නිත්‍යානුකුල තත්වයේ ගැටළුවක් මතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති බව වාර්තා වනවා.

කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පක්ෂ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවේදියි.

දිවයිනේ දිස්ත්‍රික්ක 21ක හෙට උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය අද (28) ලිහිල් කරනු ලැබුවා.

ඒ අනුව මෙම ප්‍රදේශවල ලබන මස 1 වනදා දක්වා රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇති.

මේ වන විට තීරණය කර ඇති ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතිනම් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේ ද නැද්ද පිළිබදව යළි මැයි මස 4 වැනිදාට පෙර සමාලෝචනය කිරීමට මැතිවරණය කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.

කොරෝනා වෛරසය යුරෝපීය රටවල ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පැවැතීම හේතුවේන් එම කලාපයේ රටවල් කිහිපයක් නිරෝධායන නීති සහ සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ජර්මනියේ කුඩා වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වී ඇති අතර අවසන් වසරේ විභාගයන් සඳහා සුදානම් වන ළමුන්ට  පාසැල් විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වන පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත්තේ පාස්කු දින ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත‍්‍රස්ත කල්ලිය එම ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව යි. 2020 ට පෙර පාස්කු දින ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුදු පිළිම කැඞීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත්, සමග සහරාන් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිකර ගැනීම නිසා බව ද පැවසෙනවා. 

ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සහ ආයුධ පුහුණුව ලැබූ කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමටත් නිදහස් දින උත්සවයට ප‍්‍රහාර එල්ල කරන ගමන් විදේශිකයන් රැුඳී සිටින සුඛෝපභෝගී හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් හෙළි වී තිබෙනවා. 

2020 ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත යැයි කියන ඉසුරු සුභසිංහ ගැන බොහෝ දෙනා කතා කරනවා. මෑතකදි ඔහුගේ ෆේස්බුක් පි‍ටුවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්, 

2020 ජනාධිපතිවරණයට නවතම මුහුණුවරක් ඉදිරිපත්වන බව බොහෝ දෙනා බලාපොරොත්තුවන කරුණක්. මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වේවිද යන්න සෑම දෙනාම අවධානයෙන් සිටින්නේ. මහින්ද පාර්ශවයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නට තම ඇමරිකානු පුරවැසිභාවය පවා ඉවත් කොට ගෙන තිබුණා. එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කරනවාද යන්න තවම තීරණය කොට නැති බවයි පෙනෙන්න තියෙන්නේ. එලෙසම ඔවුන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද අසන්නට ලැබෙණවා. ඒ අතර ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා මහතා මෙන් ම රොහාන් පල්ලෙවත්ත මහතා ද නීතීවිශාරදයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා ද ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට මත පළවෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page