gossiplanka alexa සහරාන් අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධ නැහැ -2020 නිදහස් දින සැමරුමට ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහරාන් අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධ නැහැ -2020 නිදහස් දින සැමරුමට ප්‍රහාර එල්ලකිරීමට සැලසුම්

පරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත්තේ පාස්කු දින ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත‍්‍රස්ත කල්ලිය එම ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව යි. 2020 ට පෙර පාස්කු දින ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුදු පිළිම කැඞීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත්, සමග සහරාන් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිකර ගැනීම නිසා බව ද පැවසෙනවා. 

ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සහ ආයුධ පුහුණුව ලැබූ කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමටත් නිදහස් දින උත්සවයට ප‍්‍රහාර එල්ල කරන ගමන් විදේශිකයන් රැුඳී සිටින සුඛෝපභෝගී හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් හෙළි වී තිබෙනවා. 

සහරාන් ඇතුළු කල්ලිය ත‍්‍රීමා ඇප් එක භාවිත කරමින් සම්බන්ධතා පැවැත්වීම නිසා ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීම ප‍්‍රමාද වූ බවත්, සහරාන් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වා නැති බවත් හෙළිකර ගෙන ඇත. සිරියාවේදී අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සමග මියගිය පිරිස අතර සිටි ශ‍්‍රී ලාංකික පුරවැසියකු වූ නිලාම් නමැති පුද්ගලයා සහරාන් ත‍්‍රස්ත කණ්ඩායම සමග සබඳතා පවත්වා නැති බවත් නිලාම් මියයෑමෙන් පසු සහරාන් නිලාම්ගේ පවුලේ අය සමග අන්තර් ජාලය හරහා සබඳතා ගොඩනගාගෙන සිට ඇති බවත් හෙළිකර ගෙන ඇත. සහරාන් දැඩි ආගම් මතවාදියකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. ක‍්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා ලබාගෙන පුහුණු පංති පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි කරගෙන තිබෙනවා. 

ත‍්‍රස්ත කණ්ඩායමක නායකයා ප‍්‍රථමයෙන් මියයෑම සිදුනොවන නමුත් සහරාන් විසින් නායකත්වය දී කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ට ආදර්ශයක් පෙන්නුම් කරමින් මියයන බවට පවසා බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි ද සඳහන්.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකුට චෝදනා දහයකට වඩා ගොනුකළ හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. එක් අයකුට එපමණ ප‍්‍රමාණයක් චෝදනා ගොනු වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ 800 කට අධික පිරිසකට අදාළව හා බුදු පිළිම කැඞීම, වනාතවිල්ලූව අවි අත්අඩංගුවට ගැනීම, වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර අවි පැහැර ගැනීම, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රියැදුරු නස්මින්ට වෙඩි තැබීම, තහනම් සංවිධානයක සාමාජිකයන් වීම ඇතුළු අපරාධ රැුසක් සම්බන්ධයෙන් බව ද හෙතෙම කීය. මෙම චෝදනා ගොනු කිරීම අත්අඩංගුවේ පසුවන බොහෝ පිරිසකට සිදුවනු ඇතැයි ඔහු පවසනවා.

සහරාන් දැඩි ආගම්වාදියකු වුවත් ඔහු මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් නමැති මවුලවිවරයා බව ද හෙළිකර ගෙන ඇත. බුදු පිළිමවලට හානි කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් සහරාන් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයත් ඒකාබද්ධ වී ඇත්තේ අලූත්ගම හා දිගන සිද්ධිවලින් පසුව බව ද හෙළි වී තිබේ.

මේ වන වන විට පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටින අතර, මෙහි ආභාෂය ලැබූ තවත් අය ඇතැයි සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.

දිවයින පුවත්පත ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu