gossiplanka alexa දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය ඉවත් කරයි - සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය ඉවත් කරයි - සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න

දිවයිනේ දිස්ත්‍රික්ක 21ක හෙට උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය අද (28) ලිහිල් කරනු ලැබුවා.

ඒ අනුව මෙම ප්‍රදේශවල ලබන මස 1 වනදා දක්වා රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇති.

මෙලෙස ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට රැකියා සහ ස්වයං රැකියා සඳහා නිවෙස්වලින් බැහැරව යාමට හැකි වනවා.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල කටයුතු ඇඳිරි නීතිය ලිහිල් කර පසු පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇඳිරි නීතිය ලිහිල් කර පසු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය එලෙසම පවතින අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර වෙනත් කිසිඳු හේතුවක් මත නිවෙස්වලින් බැහැරව යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

එම ප්‍රදේශ සඳහා ලබන 4 වනදා අලුයම 5 තෙක් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ඉවත් වීමට කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරවීමට රජය විසින් හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරුණු කිහිපයක් පැහැදිලි කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම ක්‍රමය නීතියක් නොවන බවත් උපදේශයක් පමණක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu