gossiplanka alexa 2020 ජනාධිපතිවරණයට එන් ඉදිරිපත්වන තරුණයා ගැන ඉඟියක්?? පක්ෂය - උදාර ශ්‍රී ලංකා පක්ෂය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 ජනාධිපතිවරණයට එන් ඉදිරිපත්වන තරුණයා ගැන ඉඟියක්?? පක්ෂය - උදාර ශ්‍රී ලංකා පක්ෂය

2020 ජනාධිපතිවරණයට නවතම මුහුණුවරක් ඉදිරිපත්වන බව බොහෝ දෙනා බලාපොරොත්තුවන කරුණක්. මීළඟ ජනාධිපතිවරයා කවුරුන් වේවිද යන්න සෑම දෙනාම අවධානයෙන් සිටින්නේ. මහින්ද පාර්ශවයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නට තම ඇමරිකානු පුරවැසිභාවය පවා ඉවත් කොට ගෙන තිබුණා. එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් කරනවාද යන්න තවම තීරණය කොට නැති බවයි පෙනෙන්න තියෙන්නේ. එලෙසම ඔවුන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවද අසන්නට ලැබෙණවා. ඒ අතර ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා මහතා මෙන් ම රොහාන් පල්ලෙවත්ත මහතා ද නීතීවිශාරදයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා ද ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවට මත පළවෙනවා.

සියළු දේවල් මෙ අයුරින් සිද්ධ වනවිට 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවුරුදු 37 ක තරුණයෙක් ගැන  ශපාලනය තුළ කතාබහට ලක් වෙලා නැතත් එහෙන් මෙහෙන් කසු කුසුවක් නැ‍ඟෙනවා. ඇත්තටම මේ තරුණයා කවුද? ඔහු නමින් ඉසුරු සුභසිංහ. ඔහු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් උසස් පෙළ ජීව විද්‍යා අංශය හදාරපු කෙනෙක්. ජපානයේ රිට්සුමෙකන් විශ්වවිදයාලයෙන් ජාතයන්තර සම්බන්ධතා පිළිබදව විශේෂවේධී උපාධිධාරියෙක්.  ඇමරිකාවේ ඇනාහයිම් විශ්වවිද්‍යාලයෙන් තම ශාස්ත්‍රපති උපාධිය   ව්‍යාපාර පරිපාලනය පිළිබදව  ලබා ගත් ඉසුරු සුභසිංහ Ideascale ජාත්‍යන්තර  ආයතනේ ආසියා ශාන්තිකර කලාපයේ පරිපාලන අධ්‍යක්ෂකවරයායි. එපමණක් නොව  Global Innovation Management Institute හි ජපානයේ තානාපති වගේ ම ජපන් රජයේ නව නිපැයුම් පිළිබඳ අනුශාසක වශයෙන් ද  ඉසුරු  කටයුතු කරනවා. 

ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනේ උදාර ශ්‍රී ලංකා නම් පක්ෂය හරහා යි. ඔහු ඔහු ගේ ෆේස්බුක් පිටුවේ මෙලෙස සදහන් කොට තිබෙනවා.



එයින් පෙනී යන ආකාරයට මොහු සිංහල බෞද්ධ ඡන්ද පදනම උදෙසා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් පෙනෙන්නට තිබෙණවා. ඔහු ම පවසන ආකාරයට ඔහු ගේ සීයා මාමා සහ පියාණන් රණවිරුවන් ලෙස මෙරට වෙනුවෙන් දිවිපිදූ පුද්ගලයන් වන අතර මෙතරම් කාලයක් රට පාලනය කළ බෞද්ධ ජනාධිපතිවරු රට වෙනුවෙන් කිසිවක් නොකළ බවද ඔහු පවසයි. ඔවුන් ගේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් වැඩියෙන් ම පීඩාවට පත් ව ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව බව ඔහු ගේ අදහසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu