gossiplanka alexa "ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූ කාලකණ්නිම දිනයක්" - මුස්ලිම් ඇමතිවරුන් ඉලලා අස් වූ නිසා අමාත්‍ය මංගලත් මුදල් ඇමති ධූරයෙන් අස්වීමට තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූ කාලකණ්නිම දිනයක්" - මුස්ලිම් ඇමතිවරුන් ඉලලා අස් වූ නිසා අමාත්‍ය මංගලත් මුදල් ඇමති ධූරයෙන් අස්වීමට තීරණයක්

ණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීම දැනුම්දීමට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර , භික්ෂුන් වහන්සේලා කිහිප නමකගේ විරෝධය හමුවේ දේශපාලන නායකයින් නිවට අකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා තිබෙනවා.

එහිදී මුස්ලිම් මැති ඇමතිවරුන් පමණක් ඉල්ලා අස්වීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අහිතකර ලෙස බලපෑමේ අවධානම මෙහිදී පැහැදිලි කර ඇති අමාත්‍යවරයා, එවැනි තත්වයක් වැලැක්වීම සඳහා තමා ද මේ මොහොතේම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව ප්‍රකාශකර තිබෙනවා. නමුත් අගමැතිවරයා මෙන්ම සියලුම මුස්ලිම් දේශපාලන නායකයින් මේ අවස්ථාවේදී ඇමැතිධුරයෙන් ඉවත් නොවන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබුණා.

මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ “එදා බණ්ඩාරනායක මහත්තයට කොන්ද පණ තිබුනේ නැහැ. ඒකෙන් වෙච්ච විනාශය අපි ඇස්පනාපිට දැක්කා. අද අපේ නායකයින්ටත් කොන්ද පණ නැහැ. දේශපාලන බලය ආගමික නායකයින් අතට පත්වීම අතිශයින් භයානකයි.” යනුවෙන්.

අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති මුදල් අමාත්‍යවරයා මෙසේ සඳහන් කර තිබෙනවා.

“වෛරයෙන් වෛරය නොසන්සිඳේ.
අවෛරයෙන්ම පමණක් වෛරය සන්සිඳේ.
එය සදාකාලික සත්‍යයකි…
බුදුන් වහන්සේ වදාළ එම උතුම් ධර්මය නාමයෙන්
සිවුරු පැළඳගත් පුද්ගලයින් විසින් වෛරය වපුරවද්දී
එම දහමට අනුව ක්‍රියා කිරීමට
අද දින මුස්ලිම් මැති ඇමතිවරුන්ට සිදු විය.
අපේ ආදරණීය මව්බිමට ලැජ්ජා සහගත දිනයකි.”


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu