gossiplanka alexa රාජිතට, මංගලට,චතුරට ගම්පහ බෞද්ධ සිද්ධාස්ථාන තනහනම්, දිවයින පුරා මෙම ක්‍රියාමාර්ගය ඇති වේ යැයි බලාපොරොත්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජිතට, මංගලට,චතුරට ගම්පහ බෞද්ධ සිද්ධාස්ථාන තනහනම්, දිවයින පුරා මෙම ක්‍රියාමාර්ගය ඇති වේ යැයි බලාපොරොත්තුවක්

ම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (4දා) රාත්‍රීයේදී තීරණය කළේ අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් ඔවුන්ව ගම්පහ  කිසිදු විහාරස්ථානයට නොකැඳවීමටයි. විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන්  කරන ලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න  මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්.

මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූයේ ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින්. ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව  ගනු ලැබූ මෙම තීරණය,  ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියන් විසින් ප්‍රකාශ කොට සිටියහ.

තවද උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිදු විහාරස්ථානයට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව  ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu