මෙරට දරුවන්ගේ අධ්යාපන තත්ත්වය ඉහළ නැංවීමත්, සමස්ත පුරවැසියන්ගේ සෞඛ්ය නගාසිටුවීමත් අරමුණු කරගනිමින් ශක්තිමත් රාජ්ය සේවයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්රධානතම තේමාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය.
රාජ්ය යන්ත්රණය බලගැන්වීම වෙනුවෙන් රජය දැනටමත් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව විස්තර කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, දරුවන්ට ගුණාත්මක අධ්යාපනයක් ලබා දීමට නම් විශිෂ්ට ගුරු සේවයක් මෙන්ම මහජනතාවගේ නිරෝගීභාවය රැකගැනීමට නම් කාර්යක්ෂම සෞඛ්ය සේවයක් පැවැතිය යුතු බවයි. එබැවින් රාජ්ය අංශය ශක්තිමත් කිරීම උදෙසා රජය විශේෂ අවධානයක් යොමුකර තිබේ.
වැටුප් සංශෝධන සහ ලබාදී ඇති සහන:
*රාජ්ය සේවා වැටුප් ඉහළ නැංවීම: වත්මන් රජයේ ප්රථම අයවැය ලේඛනයෙන්ම රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් අතර, 2027 ජනවාරි මාසයේදී තවත් වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු යොදා ඇත.
ගුරු සේවය: මීට පෙර රුපියල් 38,000ක මූලික වැටුපක් ලැබූ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 65,000කට ආසන්න ප්රමාණය දක්වා ඉහළ යනු ඇත.
වෛද්ය සේවය: රුපියල් 50,000ක ආරම්භක මූලික වැටුපක් ලබාගත් වෛද්යවරයෙකුගේ වැටුප රුපියල් 94,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.
වෛද්යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ ගුරුවරුන් සඳහා සුදුසු වැටුප් තල සහ අවශ්ය පහසුකම් ලබා නොදුනහොත් ඔවුන් විදේශගත වීමේ ප්රවණතාවක් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එම නිසා රටේ උගතුන් සහ බුද්ධිමතුන් විදේශගත වීම වැළැක්වීමත්, රාජ්ය සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමත් අරමුණු කරගෙන මෙම වැටුප් සංශෝධන සහ පහසුකම් සැලසීම් සිදුකරන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි

