gossiplanka alexa යුරෝපයේ රටවල් රැසක් නිරෝධායන නීති ලිහිල් කරද්දී ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය නිරෝධායන නීති නොවෙනස් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුරෝපයේ රටවල් රැසක් නිරෝධායන නීති ලිහිල් කරද්දී ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය නිරෝධායන නීති නොවෙනස් වෙයි

කොරෝනා වෛරසය යුරෝපීය රටවල ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පැවැතීම හේතුවේන් එම කලාපයේ රටවල් කිහිපයක් නිරෝධායන නීති සහ සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ජර්මනියේ කුඩා වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වී ඇති අතර අවසන් වසරේ විභාගයන් සඳහා සුදානම් වන ළමුන්ට  පාසැල් විවෘත කිරීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.


පෝලන්තය ද අද ඔවුන්ගේ උද්‍යාන සහ වනාන්තර මහජනතාව වෙනුවෙන් අද සිට විවෘත කර තිබෙනවා.

චෙක් ජනරජය එළිමහන් වෙළඳසැල් නැවත විවෘත කිරීමට තීරණය කර ඇති අතර නොර්වේ රාජ්‍යයේ පෙර පාසැල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වුණු ස්පාඤ්ඤය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය තවදුරටත් නිරෝධායනය නීති දැඩිව පවත්වාගෙන යමින් සිටිනවා.

ඊයේ දිනය නිමා වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2,452,292 වූ අතර මරණ ගණන 168,758 ක් ලෙසයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu