gossiplanka alexa පාස්කු ප්‍රහාරයට අදට වසරයි - උදෑසන 8.45ට පහනක් දල්වන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයට අදට වසරයි - උදෑසන 8.45ට පහනක් දල්වන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

ප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරුදින එල්ලවූ ම්ලේඡ්ඡ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට අද වසරක් සපිරෙනවා.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් එල්ල කළ මෙම ප්‍රහාරය කතෝලික දේවස්ථාන 3ක්, කොළඹ නගරයේ සුපිරි හෝටල් 3ක්, දෙමටගොඩ සහ දෙහිවල යන ප්‍රදේශවල පිපිරීම් මාලාවක් සිදු වුණා.

එම ප්‍රහාරයෙන් පුද්ගල මරණ 259ක් සිදු වූ අතර තවත් පුද්ගලයින් 350ක් අධික පිරිසක් තුවාල ලැබූවා.

ඇතැම් පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත් වුණා.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකරුවන්ගේ පළමු ප්‍රහාරය මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුල පෙරවරු 8 යි 45 ට සිදු වූ අතර ඉන්පසු විනාඩි 30ක් වැනි කාලයක් තුළ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි හෝටලය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ස්ථානවල මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදු වුණා.

කුඩා දරුවන් 45 ක් සහ විදේශිකයන් 40 දෙනෙක් මෙම ප්‍රහාරයෙන් මියගියා.

ඉන්පසු එදින දහවල් 1.30 දෙහිවල ලැඟුම්හලක් සහ දහවල් 2.25 දෙමටගොඩ නිවාස සංකීර්ණයක් තුල තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදු වුයේ ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් සිදු කරන අතරතුරදියි.

ප්‍රහාරයේ මහ මොලකරු වුයේ ජාතික තව්හිද් ජමාත් නැමති අන්තවාදී සංවිධානයේ නායක සහ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ සහරාන් හෂීම් නැමති ත්‍රස්තවාදියායි.

මෙම සිද්ධියෙන් අනතුරුව ආරක්ෂක අංශ පුළුල් විමර්ෂණයක් සිදුකළ අතර අද වන විට සැකකරුවන් 197ක් පොලිස් අත්අඩංගුවේ පවතින අතර ඉන් බොහෝ පිරිසක් සහරාන් හෂීම් නම් ත්‍රස්තවාදියගේ අනුගාමිකයන් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට අදාළ තොරතුරු සහ සැලසුම් මෙරට බුද්ධි අංශ වෙත අවස්ථා ගණනාවකදී ලබාදී ඇති බව අනාවරණය වීමත් සමඟ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පතිව සිටි පුජිත් ජයසුන්දර ඇතුළු මෙරට ආරක්ෂක අංශවල සිටින ඉහළ පෙලේ නිලධාරීන් වෙත විවිධ පාර්ශව වලින් දැඩි චෝදනාවට ලක් වුණා.

ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ජනාධිපති කොමිසමක් එවක රජය පත් කළ නමුත් ප්‍රහාරයට වසර ගෙවෙන අද දිනය තෙක් සියලු විමර්ශණ කටයුතු මෙතෙක් අවසන් වී නැහැ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට වසරක් සපිරන අද දිනයේදී ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කිරිම සදහා සෑම නිවසකම පහණක් දල්වන ලෙස කොළඹ අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu