gossiplanka alexa ඊයේ දිනයේ හමුවූ රෝගියා මත්ස්‍ය වෙළෙදාමේ නිරත අයෙක් බවට තොරතුරු හෙළිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේ හමුවූ රෝගියා මත්ස්‍ය වෙළෙදාමේ නිරත අයෙක් බවට තොරතුරු හෙළිවේ

මෙරටින් හමුවූ කොරෝනා ආසාධිත රෝගීන්ගේ සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයට පමණක් තහවුරු කරගත් ආසාධිතයන් සංඛ්‍යාව 33ක්.

එම සංඛ්‍යාව දිනයක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ අවසානයට වාර්තා වූ රෝගියා පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳාමේ නිරත වන අයෙක් බවයි වාර්තා වන්නේ.

අනෙකුත් රෝගීන් 32 දෙනාම වාර්තා වුයේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වන අතර මේ වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් ගණන 47ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාධිතන් 110 ක් වාර්තා වී ඇති අතර මෙරටින් හමු වී ඇති ආසාධිතයින්ගෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 199 දෙනෙක්.

මේ වන විටත් අතර වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණ යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 122කි.

මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් 16ක් ද, කළුතරින් 45ක් ද, පුත්තලමින් 35ක් ද, ගම්පහින් 32ක් ද ආසාධිතයින් හමුව තිබෙනවා.

රෝගය ආසාධිතව සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 98ක් වන අතර මෙරටින් වාර්තා වූ මරණ ගණන 7කි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu