ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා.
කො විඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරියගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 කාසියක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙය ''සමරු සංසරණ'' කාසියක් ලෙස නිකුත් වී ඇති බව සඳහන්.
දි වයිනපුරා රෝහල්වල කණිෂ්ඨ සේවකයින් තම වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් පැය 48ක වැඩ වර්ජනයක් ඊයේ (24) දියත් කලා. මේ හේතුවෙන් රෝගීන් බොහෝ පිරිසකට ඉතා දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු වුණා.
අ නුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනෙකුගේ ජීවිත ඔක්සිජන් නොමැතිව අවදානමට ලක්වූ බවට වූ පුවතක් වාර්තා වනවා.
පා ස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමිටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.
ඉ න්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්කවල සීඝ්රයෙන් පැතිරයන කොරෝනා වෛසංගතය ඉතා අස්වාභාවික බව එම ප්‍රාන්තයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය සුභාෂ් සාලුන්බේ පවසනවා.
වි වාහ මංගල උත්සවයක් සඳහා සහභාගී කරගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50ක්බව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඕ නෑම මොහොතක මරාගෙන මැරෙන ප්රහාරයන් සඳහා සූදානමින් සිටින වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියාවල නියැලෙන කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවි තිබෙනවා.
H 5N8 ලෙ ස සැලකෙන කුරුළු උණ වෛරස් ප්‍රභේදය කුරුල්ලන්ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.