gossiplanka alexa ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්ද 83කින් පත් වී තිබෙනවා. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල විසින් යෝජනා කරනු ලැබූ අතර මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසින් ස්ථිර කරනු ලැබුවා. එසේම සමගි ජනබල වේගය පක්ෂටේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල විසින් එම යෝජනාව ස්ථිර කලා. 

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කල රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබා ගත් අතර සමගී ජනබල වේගය පක්ෂයෙන් නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා. 

අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 3ක්. ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ දී විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙක් සභාවෙන් ඉවත්ව තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu