gossiplanka alexa මෛත්‍රීට එරෙහිව චෝදනා, රනිල්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රීට එරෙහිව චෝදනා, රනිල්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල කමි‍ටුවේ වාර්තාව ඊයේ (23) පර්ලිමේන්තු කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

එම වාර්තාවේ සඳහන් නිර්දේශයන් අතර පහත සඳහන් කරුණු ද ඇති බව වාර්තා වනවා.

01. ජනාධිපති කොම්ෂන් සභාවට ලද සාක්ෂි පදනම් කරගනිමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම.

02. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, බස්නාහිර පළාත භාරව සිටි  හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන අයට ද අපරාධ චෝදනා ගොනු කිරීම. 

03. මෙරට ක්‍රියාත්මක බොදු බලසේනා සංවිධානය, ජමාතේ ඉස්ලාම් සංවිධානය සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය සංවිධානය තහනම් කිරීම

04. 2007 අංක 56 දරණ සිව්ල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පදනම් කරගනිමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිද යන්න පිළිබඳව සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

05. මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයේදී මරණ සංඛ්‍යාව අවම කරවීම සඳහා නිර්භීතව කටයුතු කළ අභාවප්ප්‍රාප්ත රමේෂ් රාජු ගේ සමීප ඥාතියාට රජය විසින් ත්‍යාග මුදලක් ගෙවීම.

06. වනාතවිල්ලුවේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරු ලබාදීම, මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම ආදිය ගැන තොරතුරු ලබා දීම නිසා 2019 මැයි 09 වන දින මාවනැල්ල සිය නිවසේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයගේ ආරක්ෂාව සැපයීමට සහ ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බැවින් ඊට අදාළ ප්‍රතිපාදනයන් රජය විසින් දැරීම.

07. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දීම.

08. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්‍ෂිත නිවාස සොයා ගැනීම් ආදියෙහි නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීම.

07. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දීම.

08. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්‍ෂිත නිවාස සොයා ගැනීම් ආදියෙහි නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීම.

09.ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය වන සේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කිරීම.

10. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ද චෝදනා ගොනු කරන ලෙස කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙන අතර හිටපු ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාව ජාතික ආරක්ෂක කවුන්සිල ‍රැස්වීම සඳහා නොකැඳවීම සම්බන්ධයෙන් එහි සඳහන්වනවා. 

11. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමකින් තොරව ශ්‍රී ලංකා හමුදාවේ සහාය ලබා අගෙනීමට පොලීසියට අහෙකිවන පරිදි නීතිමය තත්ත්වයන් ඇති කිරීම. 

12. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රහාරය දියත් කළ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ශාෆ් අහමඩ් නැමති බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලක් සහ හ්ටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අතර පැවති සම්බන්ධතාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව වෙත යොමු කිරීම.

13. විවිධ ආගමික සමතුලිත නියෝජනයක් සහිත සියළුම ආගමික නායකයින්ගෙන් ජනාධිපති උපදේශක කමි‍ටුවක් පත් කිරීම. 

14. ආගම්ක හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීම, කිසිදු ආගමික නමක් කිසිදු දේශපාලන පක්ෂයක නමක් ලෙස හෝ නමක කොටසක් ලෙස භාවිතා කිරීම තහනම් කිරීම  

15. ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරන ලද ශුද්ධ වූ අල් කුරානයක් තිබිය යුතුය. වැරදි අර්ථ නිරූපනයන් වළක්වා ගැනීම සියළු මුස්ලිම්වරුන්ට පිළිගත හැකි විය යුතුය. 

16. වහබ්වාදය ව්‍යාප්ත කිරීම සඳහා භාවිතා කරන බැවින් තව්හිද් කණ්ඩායම විසින් භාවිතා කරන මුහම්මද් බින් අබ්දුල් වහබ් විසින් රචිත කිටාබ් අට්-තාහිඩ් ග්‍රන්ථය තහනම් කිරීම. 

17.සියළුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණි. එක් එක් ආගම සඳහා විවිධ දෙපාර්තමේන්තු තිබිය හැකි නමුත් ඒවා එක් අමාත්‍යාංශයක් යටතේ තිබිය යුතුය. මෙම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තිබිය යුතු බවට නීති සම්පාදනය විය යුතුය. 

18. අන්තවාදී සහ ත්‍රස්තවාදී අන්තර්ගතයන් ඉගැන්වීම තුරන් කිරීම සඳහා පෞද්ගලික පාසැල්වල සියළුම ආගමික ඉගැන්වීම් සමීපව නිරීක්ෂණය කිරීම





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu