gossiplanka alexa සේවකයින්ගේ නොසැලකිල්ල නිසා ඔක්සිජන් නොමැතිව රෝගීන් අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සේවකයින්ගේ නොසැලකිල්ල නිසා ඔක්සිජන් නොමැතිව රෝගීන් අනතුරේ

නුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනෙකුගේ ජීවිත ඔක්සිජන් නොමැතිව අවදානමට ලක්වූ බවට වූ පුවතක් වාර්තා වනවා. 

එදින උදෑසන සිට මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් අවශ්‍ය බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනුරාධපුර ශික්ෂණ රෝහලට දන්වා ඇතත් ඔක්ෂිජන් සැපයීමට රථවාහන නැති බව පවසමින් සේවකයින් සිය රාජකාරිය පැහැර හැර තිබෙනවා. 

රාත්‍රියේ දැඩ් සත්කාර ඒකකයේ සේවයේ නිරත වූ වෛද්‍යවවයා කොවිඩ් රෝගීන් පරීක්ෂා කරමින් සිටිය දී එක්වරම ඔක්සිජන් අවසන් වීමේ හදිසි නලාව හැඩවී තිබෙනවා. රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවේ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ සිටින නිසා එම ශබ්දය නිසි ලෙස ඇසී නැතත් වෛද්‍යවරයාට කිසියම් අනතුරු ඇඟවීමේ නාදයක් ඇසීම නිසා රෝගීන් දෙදෙනාගේ ඔක්සිජන් සැපයීම පරීක්ෂා කිරීමේ දී ඔක්සිජන් අඩු වී තිබෙන අයුරු දැක වහාම ඔක්සිජන් සපයන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දන්වා තිබෙනවා.

එවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍යවරයාට පවසා ඇත්තේ දිනය පුරා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඔක්ස්ජන් අවශ්‍යබව දැන්වුවත් රථවාහන නොමැති නිසා ඒවා නොලැබුණු බවයි.

ඒ අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා සිය උපරිම හැකියාව ඔස්සේ රෝගීන් දෙදෙනාට අවශ්‍ය ඔක්සිජන් සැපයීමට පියවර ගෙන වහාම මෙත්සිරි සෙවණට ඔක්සිජන් සපයන ලෙස අනුරාධපුර රෝහලට දුරකතන ඇමතුමක් ලබා දී පවසා තිබෙනවා. 

එම අවස්ථාවේදීත් අනුරාධපුර රෝහලේ ප්‍රතිචාරය වී ඇත්තේ ඔක්සිජන් සැපයීමට සේවකයින් සහ රථවාහන නොමැති බවයි. ඉන් කෝපයට පත් වූ වෛද්‍යවරයා ''මේ ලෙඩ්ඩු දෙන්නෙක් මැරෙන්න යනවා යකෝ ඉක්මනට ඔක්සිජන් සිලින්ඩරයක් එවපල්ලා'' යනුවෙන් එහි කාර්ය මණ්ඩලයට තදින් බැන වැදී තිබෙනවා. 

ඊට ස්වල්ප මොහොතකට පසුව ඔක්සිජන් ‍රැගත් ලොරිය මෙත්සිරි සෙවණට පැමිණ තිබෙනවා.

හුස්ම ගැනීමට නොහැකිව රෝගීන් දෙදෙනාම මහත් ආයාසයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටිය දී ඔක්සිජන් ‍රැගෙන ආ ලොරියේ සේවකයින් හදිසිය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන විට වෛද්‍යවරයා ඔවුන්ට ද තදින් බැන වැදී ඔක්සිජන් සිලින්ඩරය කරේ තියාගෙන හෝ ගෙනෙන ලෙස පවසා තිබෙනවා.

වෛද්‍යවරයාගේ දැඩි කැපවීම මත රෝගීන් දෙදෙනාගේ ජීවිත එම අවස්ථාවේ දී බේරා ගැනීමට හැකි වුවත් එම සිද්ධියෙන් දින 2කට පසුව කොවිඩ් 19 වෛරසය සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් රෝගීන් දෙදෙනා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙත්සිරි සෙවණ දැඩි සත්කාර ඒකකයට ඔක්සිජන් සැපයීම සිදු නොකිරීම සම්බන්ධයෙන් සේවකයින්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.


 




 

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu