gossiplanka alexa ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව බ්‍රිතාන්‍යය පිළිගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව බ්‍රිතාන්‍යය පිළිගනී

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා. 

සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම, සිවිල් රජයේ කටයුතු හමුදාකරණයට ලක් කිරීම සහ මුස්ලිම් ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් සම්බන්ධයෙන් රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තිය නිසා ඇතිවන බලපෑම් ආදී වාර්තාවේ සඳහන් කරුණු දක්වමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව පැවති විවාදයේ දී.

යුධ අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙම විවාදයේ දී අහමඩ් සාමිවරයා කරුණු දක්වා තිබෙනවා.

30/1 යොජනාවට සහාය දීමෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ගැනත් මෙහිදී ඔවුන් විවාදයට ලක් කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu