gossiplanka alexa කොරෝනාවට එරෙහි සාර්ථක අළුත් එන්නතක්, එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාවට එරෙහි සාර්ථක අළුත් එන්නතක්, එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත්

බෙල්ජියමේජොන්සන් සහ ජොන්සන් සමාගම විසින් නිපදවන ලද කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියාකරන එන්නතේ ප්‍රමාණවත් ප්‍රතිශක්තිකණයක් ඇති කිරීමට එහි එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය පවසනවා. 

මෙම එන්නතේ එක් මාත්‍රාවක් ලබ දීමෙන් ප්‍රතිශක්තිය 66% සිට 88% දක්වා වර්ධනය වූ බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම එන්නත හදිසි භාවිතය සඳහා කඩ්නමින් අනුමත කර ගැනීමට එම අධිකාරිය පියවර ගනිමින් සිටිනවා.

මෙම එන්නත පොදු ජනතාවට ලබාදීම සඳහා නිර්දේශ කරන්නේ ද යන්න තීරණය කිරීම පිණිස එම අධිකාරියේ බලධාරීන් ‍රැස්වීමට නියමිතව තිබෙනවා. 

ජොන්සන් සහ ජොන්සන් සමාගම විසින් නිපදවන ලද මෙම එන්නත ෆයිසර් සහ මොඩර්නා එන්නත්වලට වඩා මිලෙන් ද පහසුවන අතර ගබඩා කිරීමට අධිශීතකරණ වෙනුවට සාමාන්‍ය ශීතකරණ පවා යොදාගත හැකි වනවා.

මේ නිසා එය ලොව පුරා වඩාත්මප්‍රචල්ත එන්නත වීමට හේතුවනු ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එසේම මෙම එන්නත රෝග ලක්ෂණ අවම කරන අතර රෝගී තත්ත්වය බරපතළ වීම ද වළක්වන බව අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

මෙම එන්නත ලබා ගත් කිසිවෙකු දින 28කට පසු මරණයට පත් වී හෝ රෝහල්ගත කිරීම සිදු වී හෝ නැහැ.

ඉදිරි දින කිහිපය තුළ මෙම එන්නත ජනතාවට ලබා දෙනු ඇතැයි බොහෝ දුරට විශ්වාස කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu