gossiplanka alexa කුරුල්ලන්ගෙන් මිනිසාට බෝවෙන තවත් උණක් සොයාගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරුල්ලන්ගෙන් මිනිසාට බෝවෙන තවත් උණක් සොයාගැනේ

H5N8 ලෙස සැලකෙන කුරුළු උණ වෛරස් ප්‍රභේදය කුරුල්ලන්ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

පක්ෂීන්  අතර දරුණු ලෙස පැතිර යන මෙම කුරුළු උණ ප්‍රභේදය මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වන බවට මින්පෙර සොයාගෙන තිබුණේ නැහැ.

නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ දකුණුදිග රුසියාවේ ගොවිපොළක කුරුළු උණ රෝගය පැතිර යාමේ සිදු වීමක් වාර්තා වීමත් සමඟම එම ගොවිපොළේ සේවකයින් 07 දෙනෙකු පරීක්ෂණවලට ලක් කලා. 

එම සේවකයින් 07 දෙනාගෙන් ලබා ගත් ජෛව සාම්පල ඇසුරෙන් සිදුකල ජානමය පරීක්ෂණයකින් පසුව ඔවුන්ට ද කුරුළු උණ සම්ප්‍රේෂණය වී ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවුණා.

කෙසේ වෙතත් මෙම වෛරසය නිසා එය ආසාදිතයින්ට බරපතල සෞඛ්‍ය ගැටළු ඇතිවී නැතත් ඒ පිළිබඳව අධ්‍යයනයෙන් පසු විය යුතු බවයි රුසියානු සෞඛ්‍ය නිරීක්ෂණ කණ්ඩායමේ අදහස වන්නේ.

එසේම ඉදිරියේ දී මෙම වෛරසයේ විකෘති ප්‍රභේද ඇතිවිය හැකි ද යන්න තවමත් කිව නොහැකි බවත් මෙය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බව මෙතෙක් පෙනී නොයන බවත් ඔවුන් පවසනවා.

මේ වන විටත් මෙම වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu