gossiplanka alexa මරාගෙන මැරෙන කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරාගෙන මැරෙන කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙළිවේ

නෑම මොහොතක මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සූදානමින් සිටින වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියාවල නියැලෙන කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවි තිබෙනවා.
 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් හැඳින්වෙන සහරාන් හෂිම්ගේ පන්තිවලට සහභාගී වී අන්තවාදී ක්‍රියාවල නිරතවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනු 24 හැවිරිදි තරුණියකගෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැණුනු මොහොමඩ් ඊබ්‍රාහිම් සහීබා නැමැති මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇතුළුව කාන්තාවන් 15 දෙනෙකු මරාගෙන මැරිම සඳහා සූදානම් බවර 'බයියන්' නැමැති දිවුරුම ලබා දුන් බවයි. 

මෙම මරාගෙන මැරෙන කාන්තාවන් 15 දෙනාගෙන් පස්දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසු සිදු වූ සයින්දමරු පිපිරීමේ දී මියගිය බවත්, තවත් තිදෙනෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනු පිරිස අතර සිටින බවත් සහීබා පවසා තිබෙනවා.

ඊට අමතරව සහීබා සමඟ මේ වන විට කාන්තාවන් 7 දෙනෙක් අත් අඩංගුවේ පසුවනවා.

ඇගේ ප්‍රකාශය මත රිමාන්ඩ් භාරයේ සිටින මරාගෙන මැරෙන කාන්තාවන්ගෙන් යළි ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය බලාපොරොත්තුවනවා.

අත් අඩංගුවට පත්ව ඇති සහීබා නැමැත්තිය මාවනැල්ල බුදුපිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාමිල් අබ්දුල් හක් යන දෙදෙනාගේ නැගණියයි. මීට අමතරව ඇයගේ පියා වන ඉබ්‍රාහිම් මවුලව් නැමැත්තා ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත් අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් තොරතුරු ‍රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu