Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label pfizer. Show all posts

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහි‍ටුවා ඇති තාක්ෂණික කමි‍ටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි.

යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට යොමු වුණා. 

යිසර් එන්නත නිසියාකාර ක්‍රමවේදයකට සහ නියමිත පුද්ගලයින්ට ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේ පූර්ණ බලය හමුදාව වෙත පවරා දී තිබෙනවා. 

යිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පූර්ණ අනුමැතිය පිරිනමා ඇති අතර මෙම සහතිකය ලද පළමු එන්නත බවට එය පත් වී තිබෙනවා. 

දැනට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නතේ මාත්‍රා 26,000 ක ප්‍රමාණය හෙට (07) සිට පුද්ගලයින්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට පියවර ගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ටයි. 

forces-vaccine-pfizerස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ඕනෑම අයෙකුට එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද සිට ආරම්භ කරනවා. ඒ අනුව ඕනෑම අයෙකුට පළමු හෝ දෙවන එන්නත් මාත්‍රාව උදෑසන 8.30ත් සවස 4.30ත් අතර කාලයේ දී එම ස්ථානවලින් ලබා ගත හැකියි. 

කොවිඩ් වෛරසය මර්දනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස 'ෆයිසර්' සහ 'මොඩනා' එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා. 

කොවිඩ් මර්දන එන්නත් කිහිපයක් මේ වන විට ලොව පුරා භාවිතා වීමේ වාතාවරණය යටතේ එනනත් වර්ග ගැළපීම හා මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. ඒ යටතේ පළමු කොව්ඩ් එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කල පරිදි කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් සපයා දිය හැකි ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත ලබා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ආසාත්මික ලක්ෂන පෙන්නුම් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page