gossiplanka alexa ඔක්තෝබරයේ දී පාසැල් විවෘත කිරීමට නිර්දේශ ලැබේ, සිසුන්ට දෙන එන්නත 'ෆයිසර්'

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔක්තෝබරයේ දී පාසැල් විවෘත කිරීමට නිර්දේශ ලැබේ, සිසුන්ට දෙන එන්නත 'ෆයිසර්'

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහි‍ටුවා ඇති තාක්ෂණික කමි‍ටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි.

සිසුන් 200ට වඩා අඩු පාසැල් 3000ට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ද එම පාසැල් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව මුලින්ම ආරම්භ කල හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද පෙන්වා දී තිබෙනවා. එසේම පියවරෙන් පියවර පාසැල් ආරම්භ කරන අතර වාරයේ වයස අවුරුදු 12-18 අතර සිසුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති 'ෆයිසර්' එන්නත ලබා දෙන ලෙස ද එම සංගමය විසින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත 'සයිසර්' එන්නත් මාත්‍රා මිලියන 4ක් පාසැල් ළමුන් සඳහා ලබා දීමට තීරණය වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu