gossiplanka alexa 'කළු පුස් දිලීරය' ආසාදිතයින් ලංකාවෙන්, අපිරිසිදු මුව ආවරණ ප්‍රධාන හේතුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'කළු පුස් දිලීරය' ආසාදිතයින් ලංකාවෙන්, අපිරිසිදු මුව ආවරණ ප්‍රධාන හේතුවක්

'කළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්‍රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය වන බවට තොරතුරු හෙළි වුණා. 

මේ වන විට එම 'කළු පුස් දිලීරය' ආසාදනය වූ රෝගීන් කිහිපදෙනෙකුම මෙරටින් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා. මෙරට තුළත් එම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් ඇති බවයි වෛද්‍යවරු අනතුරු අඟවන්නේ. 

කන, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බව අනාවරණ වී තිබෙන අතර මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකියි.

කළු පුස් දිලීරය ආසාදිත රෝගියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතල බවත් ආරංචි මාර්ග පවසනවා. එම රෝගියාගේ නාසය අභ්‍යන්තරයේ සහ එක ඇසකට 'කළු පුස් දිලීරය'  ආසාදනය වී තිබෙනවා. ඔහු මින් පෙර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙක්. එවැනි රෝගීන් කිහිපදෙනෙකුම මේ වන විට ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් වාර්තා වනවා. ඔවුන් අතර ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සිටින බවටත් ඔවුන් දීර්ඝ කාලීන දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වූ අයවලුන් බවටත් සඳහන්. 

කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් (Mucormycosis) නැමැති මෙම දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින් බවද පැවසෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu